“කාන්තා සංවර්ධනය හා තිරසර සාමය” සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව ජනපති ප්‍රධානත්වයෙන් 

“කාන්තා සංවර්ධනය හා තිරසර සාමය” සම්මන්ත්‍රණයේ  සමාරම්භක අවස්ථාව ජනපති ප්‍රධානත්වයෙන් 

Sorry, this entry is only available in සිංහල and தமிழ். For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් “කාන්තා සංවර්ධනය හා තිරසර සාමය” යන තේමාව යටතේ ප්‍රථම වතාවට සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

සාමය හා සංහිඳියාව මෙන්ම ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා වන නායකත්ව භූමිකාව පිළිබඳව හා තිරසර සංවර්ධනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කරමින් යුද හමුදාපතිවරයාගේ මඟපෙන්වීමෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කාන්තා වෘත්තිකයන් 450 දෙනෙකුට අධික පිරිසක් මීට සහභාගී වී සිටින අතර, තීරණ ගැනීම සහ නායකත්ව භූමිකාව යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට සහ අධ්‍යයනය කිරීමට නියමිතය.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

 

Share This Post

NEW