රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනපති පවසයි.

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනපති පවසයි.

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව මේ වසර වන විට රුපියල් බිලියන් 89ක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ “විදුලි පුරාණය” ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

විදුලි බල මණ්ඩලයේ සිදුව තිබෙන දැවැන්ත කඩාවැටීම පිළිබඳ වගකීමේ දී මහජන උපයෝගිතා කොමිසමට ඉන් නිදහස් විය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

මේ අතර ජල සම්පාදන, ඛනිජ තෙල් සහ ශ්‍රී ලංකා ගුවන් සේවය යන ආයතනවල සිදුවන අක්‍රමිකතා රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇඳ දමා තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ආණ්ඩුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේ දී මෙම ආයතනවලින් රටේ ආර්ථිකය බේරා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළේය.

විදුලි බලය පිළිබඳ නිත්‍ය නේවාසිකයකු, පර්යේෂකයකු හා සමීක්ෂණයකු ලෙස පු`ථල් අත්දැකීම් සම්භාරයක් ඇති රූබන් වික්‍රආරච්චි මහතා විසින් “විදුලි පුරාණය” ග්‍රන්ථය සම්පාදනය කර තිබෙන අතර ප්‍රාග් ඉතිහාසයේ සිට මේ දක්වා ලංකාවේ සහ ලෝකයේ සිදුවූ විදුලිය පිළිබඳ වැදගත් හා සත්‍ය කරුණු එහි අන්තර්ගත ය.

ග්‍රන්ථයේ පළමු පිටපත රූබන් වික්‍රමආරච්චි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ආචාර්ය සරත් අමුණුගම, රවී කරුණානායක යන මහත්වරුන් සහ විදුලිබල ක්ෂේත්‍රයේ විද්වතුන් ප්‍රමුඛ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This Post

NEW