මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව උතුරෙන් ද පුළුල් ජන හඬක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව උතුරෙන් ද පුළුල් ජන හඬක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීන්දුවට පක්ෂව උතුරෙන් ද පුළුල් ජන හඬක් මතු වෙයි.

මෙම තීන්දුව පිළිබඳ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනතා මතය උරගා බැලීමක් පසුගියදා යාපනයේ දි පැවැත්වුණු එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ දී සිදු කෙරුණු අතර ඊට සහභාගී වූ 20,634ක් වූ ජනතාවගෙන් 94.89% ක්ම ඡන්දය භාවිත කළේ ජනාධිපතිතුමාගේ මෙම තීන්දුවට පක්ෂවය.

යාපනය දිස්ත්‍රික්කය පුරා පැතිරි ඇති නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් දරුවන් සහ කාන්තාවන් ඇතුළු සියලුදෙනා දැඩි පීඩාවකට ලක්ව ඇති අතර ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කර දැමීම වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.

ඒ පිළිබඳව කිසිදු නායකයෙකු නොගත් පියවර ගනිමින් දැඩි කැපවීමකින් කටයුතු කරන ජනාධිපතිතුමාගේ කාර්යභාරය මෙහි දී අගය කළ එම ජනතාව අවධාරණය කළේ තම දරුවන්ට ආදරය කරන සියලු පුරවැසියන් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට එරෙහිව ඉදිරියට පැමිණිය යුතු බවයි.

මෙම වැඩසටහන පසුගියදා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ පැවති එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ දී ද ක්‍රියාත්මක වූ අතර, එහි දී එම ස්ථානය වෙත පැමිණි 27,168ක් වන ජනතාව අතරින් 94.77% ක්ම සිය මතය ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය උවදුරෙන් ජාතිය සහ අනාගත පරපුර බේරා ගැනීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිතුමා ගත් තීන්දුවට පක්ෂවය.

 

Share This Post

NEW