ගුවන් හමුදා විරුවන් වෙත වීර වික්‍රම පදක්කම් පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන් 

ගුවන් හමුදා විරුවන් වෙත වීර වික්‍රම පදක්කම් පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන් 

දශක තුනක් පුරා ලක් දෙරණ වෙළාගත් කුරිරු ත්‍රස්තවාදය මානුෂිය මෙහෙයුමකින් නිමා කරලමින් ලක් මාතාවට සාමය සහ සංහිඳියාව රැගෙන ඒමට, ස්වකීය දිවි පරදුවට තබමින් උත්තම සේවාවක් සිදු කරන්නට ඇප කැප වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි නිලධාරින් සහ සෙසු නිලයන් උදෙසා විරෝධාර විභූෂණය, වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් පිරිනැමීම සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

වීරෝධාර විභූෂණලාභීන් 05 දෙනෙකු, වීරවික්‍රම විභූෂණලාභීන් 03 දෙනෙකු, රණ වික්‍රම පදක්කම්ලාභීන් 15 දෙනෙකු සහ රණ ශූර පදක්කම්ලාභීන් 51 දෙනෙකු වශයෙන් 74 දෙනෙකු සඳහා පදක්කම් පිරිනැමීම මෙහිදී සිදු විය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Share This Post

NEW