ඉබ්බාගමුව ප්‍රදේශයේ ජන හමුව ජනපති ප්‍රධානත්වයෙන්

ඉබ්බාගමුව ප්‍රදේශයේ ජන හමුව ජනපති ප්‍රධානත්වයෙන්
ඉබ්බාගමුව ප්‍රදේශයේ ජන හමුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ පැවැත්විණි.
 
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම උදෙසා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිඛෙන ජනහමු මාලාවේ තවත් ජන හමුවක් මෙලෙස ඉබ්බාගමුවේදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන ව්‍යාපාරයක් පමණක් නොව පුළුල් ජාතික බලවේගයක් බව ද පැවසූ ජනාධිපතිතුමා මෙම පෙබරවාරී 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිම ජනතා බලවේගය ඇති පක්ෂය බවට පත්වනු ඇති බවද කියා සිටියේය.
 
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ටී.බී. ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, වීරකුමාර දිසානායක, අනුරුද්ධ පොල්ගම්පොල,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර, ලක්ෂ්මන් වෙඩරුව, නිමල් විජේසිංහ, උපුල් පෙරේරා, අනුරාධ හේවගේ හිරියාල ආසන සංවිධායක කමල් ඉන්දික, අතුල විජේසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම ජන හමුවට එක්ව සිටියහ.
 

Share This Post

NEW