“උදාරයි ඔබ” සංගීත ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනපති එක්වෙයි

“උදාරයි ඔබ” සංගීත ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ජනපති එක්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කළ “උදාරයි ඔබ” සංගීත ප‍්‍රසංගය ඊයේ (14)  පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

ප‍්‍රවීණ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම ප‍්‍රසංගයට ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් පසුබිම් සංගීතය සපයනු ලැබිය.

ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් “උදාරයි ඔබ” සංගීත ප‍්‍රසංගය සංවිධානය කෙරිණි..

කථානායක කරූ ජයසූරිය මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ප‍්‍රමුඛ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සහ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This Post

NEW