කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනය නොයෙකුත් නිර්වචනවලට බඳුන් වෙමින් පවතින මෙම අවස්ථාවේ සැබෑ කන්නන්ගර නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සහ දර්ශනය කුමක් ද යන්න පිළිබඳ සමාජයට නිවැරදි අවබෝධයක් ලබාදීම දැඩි අවශ්‍යතාවයක් ව පවතින බව ජනාධිපතිතුමා පවසයි.

ඒ උදෙසා කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 50වන ගුණ සමරු උත්සවයට අද (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී එක් වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ වසර 50ක් ගත වුව ද කනන්නගර මැතිතුමාගේ ගුණ සමරන්නේ අද දේශපාලනයට එවන් චරිතවල විශාල පුරප්පාඩුවක් පවතින නිසා බවයි.

වසර 40කට ආසන්න කාලය මේ රටේ දේශපාලනය තක්කඩින්ගේ සහ චෞරයන්ගේ සිව් දශකයක් බවට පත්ව තිබූ බව සඳහන් කළ ජනාධිපතිතුමා නිදහස් අධ්‍යාපනය, සංවර්ධනය මෙන්ම රටේ අනාගතය පිළිබඳ කතා කරන අද දවසේ පාර්ලිමේන්තුවේ සිටින 225න් 25ක්වත් කන්නන්ගර වැනි චරිත වූවා නම් අද රට බොහෝ ඉදිරියෙන් තිබෙනු ඇති බව ද කියා සිටියේ ය.

එබැවින් නිදහස් අධ්‍යාපනය පිළිබඳ කතා කරනවා සේම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර වැනි චරිත කියැවීම නවක දේශපාලනඥයන්ට ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතික විද්‍යුත් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය හා ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ දී කන්නන්ගර මැතිතුමා විසින් 1945 සම්මත කළ ඓතිහාසික නිදහස් අධ්‍යාපන පනත, මෙන්ම එතුමා විසින් මෙරට දී හා විදේශවලදී කළ කතා හා ලිපි ඇතුළත් “නිදහස් අධ්‍යාපනයේ පුනරාවලෝකනය” ග‍්‍රන්ථය ද ප‍්‍රකාශයට පත් කෙරිණි.

“කන්නන්ගර මෙහෙවර හා අනාගත අභියෝග” මැයෙන් මෙහි ප‍්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් සිදු කළේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන නායක ස්වාමින් වහන්සේ සහ ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරු ඇතුළු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත් පිරිසක් ද, අසිතා බාලසූරිය මහත්මිය ඇතුළු කන්නන්ගර පවුලේ මුණුබුරන්, මිණිබිරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමාගේ 50 වෙනි ගුණසැමරුම් උත්සවය අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව. 2019-10-16 දින BMICH

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නංගර මැතිතුමාගේ 50 වන ගුණ සමරුව පවත්වන අවස්ථාවේ එතුමා පිළිබඳව යමක් සඳහන් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

පසුගිය සතියේ මා ගියා කන්නන්ගර මැතිතුමා විසින් ආරම්භ කරන ලද පළමුවන මධ්‍ය විද්‍යාල 52න් එකකට. ඒ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය. මම එහි ගියේ මම දුන්න රුපියල් කෝටි හයක නව ශ‍්‍රවණාගාරය විවෘත කරන්න. මගේ ළඟ හිටිය විදුහල්පතිතුමාගෙන් ඇහුවා විදුහල්පතිතුමා ගම කොහෙද කියලා, සර් මං කැකිරාවේ කියලා කිව්වා. මම ඇහුවා ඉගෙන ගත්තේ කොහෙද කියලා, සර් මේ ඉස්කෝලෙමයි මං ඉගෙන ගත්තේ කිව්වා. මේ විද්‍යාලයට අවුරුදු කීයද කියලා විදුහල්පතිතුමාගෙන් ඇහුවා. විදුහල්පතිතුමා කිව්වා දැන් අවුරුදු 75යි කියලා. මම සතුටු වෙනවා කන්නන්ගර මැතිතුමාගේ සංකල්පයෙන් බිහි වෙච්ච පළමුවෙනි මධ්‍ය විද්‍යාල පනහෙන් එකකට ගිය සතියේ නව ශ‍්‍රවණාගාරය ලබාදෙන්න පු`ඵවන් වීම පිළිබඳව.

මම නිදහස් අධ්‍යාපනය ගැන විග‍්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අද ප‍්‍රශ්නයක් තියෙනවා රටේ සැබෑ ලෙස ම නිදහස් අධ්‍යාපනය කියන්නේ කුමක්ද කියන කාරණය ගැන. මම හිතනවා කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳව පර්යේෂණ ආයතනයක් පිහිටුවනව නම් හොඳයි කියලා. ඒ මොකද නිදහස් අධ්‍යාපනයට නොයෙකුත් නිර්වචනයන් දෙනවා. ඒ නිසා සැබෑ ලෙස ම හඳුනාගත යුතු වෙනවා කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන දර්ශනය, ප‍්‍රතිපත්තිය, කුමක්ද කියන කාරණය. පාර්ලිමේන්තු ක‍්‍රමය ආරම්භ කරලා 47 වසරේ පැවැත්වූ පළමුවෙනි මැතිවරණයෙන් එතුමා පරාජයට පත් වුණා. 52 දී නැවත කන්නන්ගර මැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මගේ මතකේ හැටියට පළාත් පාලන ඇමතිවරයා හැටියට කටයුතු කළා.

52 දී නැවත කන්නන්ගර මැතිතුමා පාර්ලිමේන්තුවට අවිත්, පළාත් පාලන ඇමති විදිහට කටයුතු කරලා තිබෙනවා. කන්නන්ගර මැතිතුමාගේ දර්ශනය ගොඩ නැගුණේ චරිතය නිසා කියන එක මම විශ්වාස කළා. ඒ චරිතයෙන් බිහිවුණු දර්ශනයක් තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ.

නිදහස් අධ්‍යාපනය වාගේ ම රටේ සංවර්ධනය සහ රටේ අනාගතය පිළිබඳ කතා කරන වේලාවක අද පාර්ලිමේන්තුවේ ඉන්න 225ට කන්නන්ගරලා 25ක් හිටිය නම් රට කොතැන තිබේ ද කියලා අපිට හිතා ගන්න පු`ඵවන්. නමුත් කන්නන්ගරලා එක්කෙනෙක්වත් නැති නිසා තමයි අද බොහෝ දේවල් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් ම ගෙවී ගිය වසර 40කට ආසන්න කාලය දේශපාලන තක්කඩින්ගේ සහ චෞරයන්ගේ දශක 4ක් විදිහට මම දකින්නේ. කන්නන්ගර මහතා විශ‍්‍රාම ගිහිල්ලා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියා, මට ජීවත් වෙන්න අමාරුයි පු`ඵවන් නම් උදවුවක් කරන්න කියලා. ඊට පසුව කැබිනට් මණ්ඩලයේ යොජනාවක් කරලා එතුමාට දීමනාවක් ගෙවන්න තීන්දු කළා.

නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා වාගේම කන්නන්ගර චරිතය අධ්‍යයනය කරන්න, කන්නන්ගර චරිතය කියවන්න. ඒ කියවීම මේ රටේ නූතන නවක දේශපාලනඥයින්ට වැදගත් කියලා මම විශ්වාස කරනවා. අපි ප‍්‍රධාන වශයෙන් ම නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා වාගේම ඒ යුග පුරුෂයාගේ චරිත අධ්‍යයනය කිරීම ඉතාමත් ම වැදගත්. එතුමා ගුරුවරයෙක්, නීතිඥයෙක්, දේශපාලඥයෙක් විදිහට ඒ දර්ශනයේ තිබුණු ස්වදේශිකත්වය ඉතාමත් වැදගත් අංශයක්.

ඒ ස්වදේශීය ගති ලක්ෂණ චින්තනය අදත් අවශ්‍යයි. අපේ ඉතිහාසය, අපේ භාෂාව, පුරාවිද්‍යාව, පුරාණ තාක්ෂණික තොරතුරු සියල්ල සමග රටක් ලෙස ඉදිරියට යන්නට, කන්නන්ගරලා සිය ගණනක් අවශ්‍ය වෙනවා නව දේශපාලන ගමනක් යාම සඳහා. අපි බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 71කට ආසන්න කාලයක් වෙනවා. එදා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සිටි දේශපේ්‍්‍රමී නායකයන්ගේ හදවත් තුළ රටේ අනාගතය පිළිබඳව සිතුම් පැතුම් ගැන චින්තනයක් තිබුණා.

ඒ චින්තනය සහ දර්ශනය අද මේ රටේ සිටින දේශපාලනඥයන් කී දෙනෙකුට තිබෙනවාද. අපි හඳුනාගත යුතුයි මේ රටේ කන්නන්ගරලා කී දෙනක් ඉන්නවාද කියලා. වසර 50ක් ගිහිල්ලත් කන්නන්ගර මහත්මයාව සමරන්නේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය බිහි කළ නිසාම නෙවෙයි. ඒ වගේම එතුමාව සමරන්නේ ඒ දර්ශනය වගේම ඒ චරිතයේ තිබුණු උතුම් ලක්ෂණ නිසා. අද දේශපාලනයට එවන් චරිතවල අඩුවක්් තිබෙනවා.

කන්නන්ගර මැතිතුමා සමරමින් එතුමාගේ නිදහස් අධ්‍යාපන පිළිවෙත පිළිබඳව ග‍්‍රන්ථයක් එළි දක්වමින් කන්නන්ගර චරිතය සහ දර්ශනය යළි යළිත් සිහි ගැන්වීමට දායක වූ සියලූ දෙනාට ස්තූතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

Share This Post

NEW