ජනපති ජන්ම දිනය නිමිත්තෙන් දානමය පුණ්‍ය කර්මයක් සහ ආශිර්වාද බෝධි පූජා පිංකමක්

ජනපති ජන්ම දිනය නිමිත්තෙන් දානමය පුණ්‍ය කර්මයක් සහ ආශිර්වාද බෝධි පූජා පිංකමක්

අදට යෙදී ඇති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 68 වන ජන්ම දිනය නිමිත්තෙන් දානමය පුණ්‍ය කර්මයක් අද (03) දහවල් ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

මහා සංඝරත්නය 68 නමක් විෂයෙහි දානමය පුණ්‍ය කර්මය සිදු කෙරුණු අතර රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය පහළපිටියල ජනානන්දාභිධාන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියහ.

මෙහි දී මහාසංඝරත්නය විසින් ජනාධිපතිතුමාට සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

මේ අතර ජනාධිපතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද පතා සංවිධානය කළ විශේෂ ආශිර්වාද බෝධි පූජා පිංකමක් ද අද පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණු අතර, එම අවස්ථාවට ද සහභාගී වූ ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.

ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ආගමික වතාවත් සිදු කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළේය.

දේශපාලන ක්ෂේත්‍රයේ සහ ජනාධිපතිතුමාගේ හිතවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This Post

NEW