ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් විධායක කමිටු සාමාජික පේ‍්‍රමලාල් ෆොන්සේකා මහතා ජනපතිට සහය පළ කිරීමට එක්වෙයි.

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් විධායක කමිටු සාමාජික පේ‍්‍රමලාල් ෆොන්සේකා මහතා ජනපතිට සහය පළ කිරීමට එක්වෙයි.

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් විධායක කමිටු සාමාජික පේ‍්‍රමලාල් ෆොන්සේකා මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක්වෙයි.

අද (13) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ ඒ මහතා වංචාව, දුෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා කරනු ලබන කැපවීම ඇගයීමට ලක් කළ අතර, ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ වෙනුවෙන් සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රබල ක‍්‍රියාකරුවෙකු වූ ඒ මහතා එම පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථමයෙන් පක්ෂ සාමාජිකත්වය ලබාගත් කිහිපදෙනා අතර සිටි ප‍්‍රමුඛ සාමාජිකයෙකි.

 

Share This Post

NEW