නව වසරට ආශීර්වාද පතා ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධි පූජා පිංකමට ජනපති එක්වෙයි.

නව වසරට ආශීර්වාද පතා ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධි පූජා පිංකමට ජනපති එක්වෙයි.

නව වසරට ආශිර්වාද පතා ඊයේ (03) පස්වරුවේ ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ පැවති ආශීර්වාද බෝධි පූජා පිංකම සඳහා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබාගත් අතර අනතුරුව ශාස්ත‍්‍රපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට ද එක් විය.

බෝධි පූජා පිංකම සඳහා එක්වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශීර්වාද පළ කළහ.

කැලණිය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ ගෞරවනීය මහ සංඝරත්නය ද මැති ඇමතිවරු ඇතුළු සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පිංකම සඳහා එක්ව සිටියහ.

Share This Post

NEW