පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව තෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල ජනපති අතින් සිසු අයිතියට 

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව තෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල ජනපති අතින් සිසු අයිතියට 

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු නව තෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (05) පෙරවරුවේ සිදු විය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකර තිබෙන ගොඩනැඟිල්ල සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 42කි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතු ව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු ක්‍රියාකාරකම් නිරික්ෂණය කළේ ය.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දරුවන් වෙත තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, පේෂල ජයරත්න යන මහත්වරුන් ද පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් සහ විදුහල්පති රවිලාල් විජේවංශ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Share This Post

NEW