ප‍්‍රථම ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ සමාරම්භක උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

ප‍්‍රථම ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ සමාරම්භක උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

වොලිබෝල් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ සමාරම්භක උත්සවය අද (15) පස්වරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන්, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය එළැඹෙන 21 වෙනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන අතර රටවල් 08 ක් ඊට එක්ව සිටී.

ජනාධිපතිතුමා විසින් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කිරීමේ ප‍්‍රකාශය මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, වොලිබෝල් සංගමයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උප සභාපති කාංචන ජයරත්න යන මහත්වරුන් සහ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

 

Share This Post

NEW