මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් ඉකුත් වසර කිහිපය තුළ රටට ලබාගත හැකි වූ බව ජනපති පවසයි.

මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් ඉකුත් වසර කිහිපය තුළ රටට ලබාගත හැකි වූ බව ජනපති පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටේ සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට තම දේශපාලන ජීවිතය පුරා අඛණ්ඩව නායකත්වය ලබා දුන් අතර, මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ද ජනාධිපතිවරයා ලෙස තමා අත්සන් තැබු නමුත් දේශපාලන භේදයකින් තොරව වගකිවයුතු පිරිස් ඊට එරෙහිව නැඟී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.

නමුත් තම අසීමිත කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් ඉකුත් වසර කිහිපය තුළ රටට ලැබුණු අතර කවුරුන් කෙසේ කීවද පසුගිය අප්‍රේල් 21 දා මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීම ද රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයක් බව තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේ අද (04) පෙරවරුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

බ්‍රිතාන්‍ය මහරැජින විසින් ප්‍රදානය කරනු ලබන ගෞරවනීය විශිෂ්ට සේවා සම්මානයක් වන නයිට් පදවියෙන් පිදුම් ලද ආදි නාලන්දියෙකු වූ ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝන් සංවිධානය සහ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති වෛද්‍ය සරත් සමරගේ මහතාට උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකරන සරත් සමරගේ මහතා මත්ද්‍රව්‍ය භාවිතයන්ට එරෙහි ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ඒකාබද්ධ සම්මේලනයෙහි නිවාරණ සංවිධානයේ සභාපති ධූරය දරමින් විශිෂ්ට සේවාවක නිරත වේ.

වැල්ලවාය, පාදුක්ක රෝහල්හි ජනතා සිත්ගත් වෛද්‍යවරයෙකු වූ ඔහු කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙහි සෞඛ්‍ය කළමනාකරණ ඉගැන්වීම් ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් 83-93 දක්වා වූ දස වසර තුළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන් දසදහසක් දෙනා රටට දායාද කිරීමට කැපවිය. 2007 සිට 2010 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කළ ඒ මහතා විශ්‍රාම ගිය සැණෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි උපදේශක ලෙස පත්වීම් ලැබීය. ආසියානු වෛද්‍යවරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති, ලෝක වෛද්‍ය පරිපාලකයන්ගේ සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිත තනතුරු දරන ඒ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහ වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ජාත්‍යන්තරයේ පුළුල් මෙහෙවරක් ඉටුකරමින් සිටි.

සෑම වසරකදීම විශිෂ්ට පුද්ගලයන්ගෙන් තෝරාගත් පිරිසක් ලැයිස්තුගත කර නයිට් පදවි පිරිනැමීම බ්‍රිතාන්‍ය මහ රැජණ අතින් සිදු වන අතර මෙවර ලෝ පුරා විසිරි සිටින 20 දෙනෙක් වෙනුවෙන් එම පදවිය ප්‍රදානය කෙරිණි. මෙවර නයිට් පදවියෙන් පිදුම් ලැබූ එකම ආසියානු වැසියා ලෙස වෛද්‍ය සරත් සමරගේ මහතා ශාන්ත ජෝන් පර්ෂදයෙහි නයිට් පදවිය දිනා ගනු ලැබීය. එමෙන්ම ඒ මහතා 2019 සැප්තැම්බර් 19 වැනි දින ලන්ඩන් නුවර ශාන්ත ජෝන් දේවස්ථානයෙහි හෝල්ස්ටර්හි ආදිපාදතුමා වෙතින් ද ගෞරවයට පාත්‍ර විය.

වෛද්‍ය සමන් සමරගේ මහතාගේ රට වෙනුවෙන් කරන සේවය මෙහි දී අගය කළ ජනාධිපතිතුමා සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් තම සුබපැතුම් ඒ මහතා වෙත පිළිගැන්වී ය.

පූජ්‍ය කුප්පියාවත්තේ බෝදානන්ද නායක ස්වාමින් වහන්සේ ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, චන්දිම වීරක්කොඩි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුළු ආදි නාලන්දීයන් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් ද නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ඇතුළු හිටපු විදුහල්පතිවරු, ගුරුභවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එංගලන්ත මහ රැජින විසින් ප‍්‍රධානය කරනු ලබන ගෞරවනීය විශිෂ්ට සේවා සම්මානයෙන් පිදුම් ලැබූ වෛද්‍ය සරත් සමරගේ මහතා පිළිගැනීමේ උත්සවය අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
2019-10-04 වන දින නාලන්දා විද්‍යාලය කොළඹ 10.

මා ඉතාමත් සතුටුවෙනවා අද මේ අවස්ථාවට පැමිණීමට ලැබීම ගැන. මම මේ විද්‍යාලයට පැමිණි සතරවැනි අවස්ථාව තමයි මේ.

අද අපි එක්වී සිටින්නේ නාලන්දා විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයෙක්, විද්වතෙක් වගේම විද්වතුන්ට නායකත්වය දෙන නායකයෙක් වූ වෛද්‍ය සරත් සමරගේ මහතා වෙනුවෙනු යි. එතුමා ජයග‍්‍රහණය කර තිබෙන්නේ රට පමණක් නෙවෙයි, ලෝකයත් ඔහු ජයග‍්‍රහණය කරලයි තියෙන්නේ. ඔහු මු`එ මහත් මානව සමාජය වටා යන ප‍්‍රබුද්ධ චරිතයක් බවට පත්වී තිබෙනවා. අපි ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. නාලන්දා විද්‍යාලයට මගේ ඇති භක්තිය, ආදරය අද ඊයේ ඇතිවූ දෙයක් නෙවෙයි. මා පාසල් යන කාලයේත් පාසල් පිළිබ`දව කතා කිරීමේ දී ඒ ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන කීර්තිමත් පාසලක් විදියට තමයි නාලන්දා විද්‍යාලය මා දැනගත්තේ. භෞතික ශරීරය පිළිබ`දව අධ්‍යයනය කළ යුත්තේ අපි නෙවෙයි වෛද්‍ය සිසුන් සහ වෛද්‍යවරුන් විසින්. නමුත් සෑම කෙනෙක්ම අධ්‍යයනය කළ යුත්තේ උගතෙක්, ප`ඩිවරයෙක් විසින් සිය චරිතයෙන් සමාජයට දෙන දර්ශනයයි. බෞද්ධයින් ලෙස අපි දන්නවා ත‍්‍රිපිටකය පිළිබ`දව. ඒ ත‍්‍රිපිටකයට ඇතුළත්වන්නේ බුදුන් වහන්සේගේ චරිතය විසින් ප‍්‍රකට කරන උන්වහන්සේගේ ප‍්‍රඥාව සහ දර්ශනයයි.

ත‍්‍රිපිටකයට ඇතුළත් බෞද්ධ දර්ශනය දුන්නේ කව්ද? බුද්ධ චරිතයයි. විසින් බුදුන් වහන්සේගේ මහා ප‍්‍රඥාව, දර්ශනය තමයි ත‍්‍රිපිටකය කියලා කියන්නේ එය බෞද්ධ දර්ශනය ලෙස අප හ`දුන්වනවා. ක‍්‍රිස්තු චරිතය ගත්තොත් විශේෂයෙන් ම ක‍්‍රිස්තු දර්ශනය ලෝකයට දුන්නේ ක‍්‍රිස්තූන් වහන්සේගේ චරිතය විසින් මහමත්තුමාගේ චරිතය පිළිබ`දව කතා කළොත් ඉස්ලාම් දර්ශනය ලෝකයට දුන්නේ මහමත් චරිතයයි. මෑත යුගය ගත් විට ලින්කන් චරිතය, ඒ වාගේ ම ශ‍්‍රී නේරු චරිතය වැනි බොහෝ චරිත ගැන අපට කතා කරන්න පුළුවන්.

අපේ රටේ විශිෂ්ට ප‍්‍රබුද්ධ අතීත දේශපාලඥයන් වගේ ම විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් පිළිබ`දව විවිධ ක්ෂේත‍්‍ර‍්‍ර හරහා කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි මූලික වශයෙන් ම ඒ චරිත තුළින් පෙන්නුම් කරන දර්ශනය අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ චරිත තමයි ලෝකය වෙනස් කරන්නේ. ලෝකය වෙනස් කළේ ඒ චරිත තුළින් දුන්න දර්ශනයයි. ඔවුන්ගේ ප‍්‍රඥාවෙන්, බුද්ධියෙන්, දැනුමෙන්, හැදියාවෙන්, විනයෙන්, හික්මීමෙන් තමයි මානව සමාජයේ විශිෂ්ටත්වය ඇති වුණේ මිනිස් පරිණාමයේ් එදා සිට අද දක්වා කාලසීමාව ගත් විට අප ඉදිරියට ආවේ ඒ ප‍්‍රඥාවන්තකමින්. බුද්ධියෙන්. මිනිසා සැමවිට ම ආරම්භයේ සටන් කළේ ස්වභාව ධර්මයා සම`ග බව දරුවනේ ඔබ දන්නවා. තමාගේ මූලික අවශ්‍යතාවලට ආහාර, නිවාස, ඇ`දුම් පැලදුම්, බේත් යනාදිය තමයි මිනිස් පරිනාමය තුළ මිනිසා සොබාව ධර්මයා සම`ග සටන් කරමින් වල සකස් කරගත්තේ, සොයා ගත්තේ.

අද නව අධිතාක්ෂණික ලෝකයේ විවිධ ක්ෂේත‍්‍ර හරහා දිස්වන තාක්ෂණික ඥානයත් සම`ග ලෝකය වේගයෙන් වෙනස් වී තිබෙනවා. ඒ වෙනස් වූ ලෝකයට ප‍්‍රධාන ලෙස ම ඒ ලෝකය වෙනස් කරන ප‍්‍රධාන චරිත අතරේ සරත් සමරගේ මහතා මා ඉතාමත් අගය කරනවා. එතුමා මට ඇසුරු කරන්න ලැබුණේ මම අවුරුද් 05ක් සෞඛ්‍ය ඇමතිවරයා විදියට වැඩකරපු කාලයේ. ඒ නිසා මා එතුමා ගැන හො`දට දන්නවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ කළ විවිධ විෂයයන්, විවිධ කේෂ්ත‍්‍රවල දී එතුමා ම ස`දහන් කළා බෝනොවන රෝග පිළිබ`දව, එතුමා ම ස`දහන් කළා මත්ද්‍රව්‍ය පිළිබ`දව ඒ වැඩසටහන්වල දී අපි එක් වූ අවස්ථාවල දී එතුමාගේ අත්දැකීම සහ දැනුම ජාතික මට්ටමේ වැඩසටහන් සාර්ථක කරන්න ඉතාමත් ශක්තියක් වුණා. ඒ නිසා ආදි නාලාන්දීයයන් විදියට එතුමාට ඔබ අද ගෞරව කරනවා වාගේ ම එංගලන්තයේ මහා රාජනියගේ ගෞරවයට, ප‍්‍රණාමයට එතුමා භාජනය වුණා වාගේ ම මේ අවස්ථාවේ දී මා එතුමාට ශ‍්‍රී ලංකා ජනරජයේ සහ මුළු මහත් ලක්වැසි ජනතාවගේ ම ගෞරවය පුද කරනවා.

ඒ ඔබේ මිනිස්කම නිසයි. ඒ ඔබේ මානුෂිකත්වය නිසයි. ඒ ඔබේ උගත්කම නිසයි. ඒ ඔබේ දර්ශනය නිසයි. ඒ ඔබේ චරිතය නිසයි. මත්ද්‍රව්‍ය පිළිබ`දව කතා කළා. මත්ද්‍රව්‍ය නිසා සිදුවන මුළු ලෝකය ම විනාශකාරී තත්ත්වය අද ඇතැම් අයට අවබෝධයක් නැහැ. ලංකාවේ සිදුවන මහා විනාශය වළක්වන්නට මම ජනාධිපති ධූරයට පත් වුණ කාලයේත්, ඒ වගේ ම සමරගේ මහත්තයා දන්නවා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මම සෞඛ්‍ය ඇමතිවරයා කාලයේත් ඒ වගේ ම දරුවනේ මම පාර්ලිමේන්තුවට ආවේ 89 යේ. එදා සිට අද දක්වා ම අඛණ්ඩව මත්ද්‍රව්‍ය විරෝධි ව්‍යාපාරයේ හිටපු කෙනෙක්. වැඩකරපු කෙනෙක්. මේ රටේ අවාසනාවන්ත සිදුවීමක් සිදු වූ පසුගිය අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයේ කවුරුන් කෙසේ කීවත් පිටිපස්සේ සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ.

මේ රටේ බරපතළ ව්‍යසනයක් වූ ජාතික ව්‍යසනයක් වෙච්ච පාසැල් දරුවෝ, විශ්වවිද්‍යාල දරුවෝ විනාශ කරන, මුළු අප සමාජය විනාශ කරන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව ගෙන ගිය වැඩපිළිවෙළ පසුගිය අවුරුදු ගණනාව තුළ විශිෂ්ට ලෙස උඩට ආවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව මම ගෙන ගිය වැඩ පිළිවෙළ පසුගිය අවුරුදු ගණනාව තුළ විශිෂ්ට ලෙස ඉහළට ආවා. රටේ මත්ද්‍රව්‍ය දැඩි පාලනයක් ඇති වුණා.
මම ඊයේ, පෙරේදා සංඛ්‍යා ලේඛන කියෙව්වා. පසු ගිය අවුරුදුවල විෂ මත්ද්‍රව්‍ය හෂිස්, කොකෙන්, අයිස් වැනි මත්ද්‍රව්‍ය අද වේගයෙන් මිල ඉහළ ගිහින් තිබෙනවා. ඒ මිල ඉහළ ගිහින් තිබෙන්නේ, ඉල්ලූමට සැපයුම නැති නිසා. ඒ අපේ මත්ද්‍රව්‍ය මර්දනයේ ප‍්‍රතිඵලය.
ප‍්‍රධන වශයෙන් ම පාසල් දරුවන්ගේ ඉ`දලා රටේ හැම කෙනෙක්ම බක්මහ ප‍්‍රතිඥාව කියලා ප‍්‍රතිඥාවක් දුන්නා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලූම් ගහ නියම කිරීමට මම තීරණය කළා, මරණීය දණ්ඩනය දෙන අයට මම අත්සන් කළා. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනගේ බලය ඉතාමත්ම ශක්තිමත්. දේශපාලන භේදයෙන් තොරව ඊට එකතු වෙනවා ඒවා වළක්වා ගන්න.

විවිධ ක්ෂේත‍්‍ර හරහා විවිධ බලවතුන් එකතු වෙනවා. ලෝකයේ අධි තාක්ෂණය තිබෙන, බලවත් රටවල්වල බුද්ධි විශේෂඥයන් අපේ‍්‍රල් 21න් පස්සෙ ලංකාවට ආවා. ඇමරිකාව, එංගලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව, යුරෝපය ඒ බුද්ධි විශේෂඥයන් අවිල්ලත් අද වෙනකන් සොයා ගන්න බැරි වුණා අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයට විදේශ සම්බන්ධතා තිබුණා ද කියන එක. තවමත් සාක්ෂි සාධක ඇතුව සොයා ගෙන නෑ. නමුත් මම ඉතාම පැහැදිලිව තේරුම් ගන්නවා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මර්දනය කරන ඒ වැඩ පිළිවෙළ විනාශ කරන්නයි ඒ ත‍්‍රස්ත ප‍්‍රහාරය ඇති වුණේ. එය බොහෝ දෙනෙක් අවබෝධ කරගෙන නෑ. නමුත් ඒ අභියෝගය අදත් ඉතාම බරපතළයි.

මම වෛද්‍ය සරත් සමරගේ මැතිතුමාට විශේෂයෙන්ම ගරු කරන කරුණු දෙක්ක තිබෙනවා. එකක් තමයි, ඔබ ආදි නාලන්දීයයෙක් විදිහට ඔබේ දැනුම, උගත්කම සහ පරිණතභාවයෙන් යුත් ඔබේ දර්ශනය. දෙවැනි කාරණය තමයි විශේෂයෙන්ම ඒ ඔබේ දැනුම, අත්දැකීම් සම`ග ඔබ මත්ද්‍රව්‍ය මර්දනයට ගෙන යන පුළුල් මානවවාදී වැඩ පිළිවෙළ ගැන. ඒ නිසා ඔබ වැනි විශිෂ්ටයෙක්, ශ්‍රේෂ්ඨ ලංකිකයෙක් පිළිබ`දව කතා කරන්න ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.

බොහෝ වේලාවට පුද්ගලයන් පිළිබ`ද කතා කිරීමට කරන ආරාධනාවල දී මම මැලිකමක් දක්වනවා, මොකද ඒ පුද්ගලයන් පිළිබ`දව කතා කරන්න කොතෙක් දුරට පුළුවන් ද කියලා සොයලා බලලා තමයි මම ඒ උත්සවවලට යන්නේ. නමුත් වෛද්‍ය සරත් සමරගේ මැතිතුමා පිළිබ`දව අපේ හාමුදුරුවෝ මට කියපුවාම, මේ විදිහේ ගෞරව කිරීමක්, පිළිගැනීමක් තිබෙනවා ඒකට ජනාධිපතිතුමා එන්න කියලා. මම හාමුදුරුවන්ට එකවරම කිව්වා වෛද්‍ය සරත් සමරගේ මහත්මයාගේ උත්සවයක් නම් එතුමාට ගරු කරන, ආදි නාලන්දීයයන් සම`ග අද ඉන්න දරුවන් හමුවීමට මම ඉතා සතුටින් එන්නේ කියලා. ඒක නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වන්නේ නෑ. වෛද්‍ය සරත් සමරගේ මහතා තව තවත් නිරෝගීභාවය, දීර්ඝායුෂ ලබමින් ඔබේ දැනුම, බුද්ධිය, බහුශ‍්‍රැතභාවය, විද්වත්භාවය සහ පරිණතභාවය තව තවත් අපේ රටටත් ලෝකයටත්, මුළු මහත් මානව සමජයටත් තව තවත් දායාද කරන්න ආයුෂ ලබමින්, ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ආශිර්වාද කරමින් නාලන්ද විද්‍යාලයේ තරුණ විදුහල්පතිතුමාටත්, දරුවන් ඇතුළු දෙමව්පියන්ටත් පැමිණි ඔබ සෑම කෙනෙකුටමත් මාගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිනවා.

 

Share This Post

NEW