මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂ ලෙස අරුණ ලේකම්ගේ මහතා පත් කෙරේ

මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂ ලෙස අරුණ ලේකම්ගේ මහතා පත් කෙරේ

මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂ ලෙස අරුණ ලේකම්ගේ මහතා පත් කෙරේ.

ඒ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මෙම ධූරය සඳහා අරුණ ලේකම්ගේ මහතා පත් කර තිබෙන අතර ඔහු ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරියෙකි.

කැළණිය විශ්වවිද්‍යාලයේ මෙන්ම එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අරුණ ලේකම්ගේ මහතා ශී‍්‍ර ලංකා රක්ෂණ සමාගමේ සහ සිලෝන් ඇසට් මැනේජ්මන්ට් යන සමාගම්වල විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද, ද ෆිනැන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද එම මූල්‍ය ආයතන නගා සිටුවීමට දායක වී තිබෙන අතර ශී‍්‍ර ලංකා රතු කුරුස සංගමයේ නැවත ගොඩනැගීමේ අංශයේ ප‍්‍රධානියා ලෙස ද සේවය කර තිබේ.

 

 

Share This Post

NEW