මියන්මාරයේ සිට වැඩමකරවන ලද කිරිගරුඬ බුද්ධ ප‍්‍රතිමා වහන්සේට ප‍්‍රථම පුෂ්පෝපහාරය ජනපති අතින් 

මියන්මාරයේ සිට වැඩමකරවන ලද කිරිගරුඬ බුද්ධ ප‍්‍රතිමා වහන්සේට ප‍්‍රථම පුෂ්පෝපහාරය ජනපති අතින් 

මියන්මාරයේ සිට වැඩමකරවන ලද කිරිගරුඬ සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත ප‍්‍රථම පුෂ්පෝපහාරය පැවැත්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.

මියන්මාරයේ වෙසෙන ජයන්ත රාජකරුණා මහතා විසින් පරිත්‍යාග කරන ලද මෙම කිරිගරුඬ සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අනුරාධපුර ශී‍්‍ර සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය කරා වැඩමකරවීමට නියමිතය.

ජනාධිපතිතුමා විසින් සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත ප‍්‍රථම පුෂ්පෝපහාරය පැවැත්වීමෙන් අනතුරුව එය ජනාධිපති නිල නිවසේ සිට අනුරාධපුර ශී‍්‍ර සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය කරා වැඩම කරවීම ආරම්භ කෙරිණි.

අනුරාධපුර ශී‍්‍ර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමින්වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This Post

NEW