මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යා සලකන පෘතිය ජාතියට දායාද කිරීම මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරිමට හැකි වූ යුග මෙහෙවරක් ලෙස සලකන බව ජනපති පවසයි

මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යා සලකන පෘතිය ජාතියට දායාද කිරීම  මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරිමට හැකි වූ යුග මෙහෙවරක් ලෙස සලකන බව ජනපති පවසයි

මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම තම ධූර කාලය තුළ මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරිමට හැකි වූ යුග මෙහෙවරක් ලෙසබව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (06) පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.

දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් පොළොන්නරුවේ පාසල් රැසක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 998ක වියදමින් ඉදිකෙරුණු පුලතිසිපුර විද්‍යාපීඨයේ තෙමහල් ගුරු නේවාසිකාගාරය විවෘත කිරීම අද පළමුව ජනාධිපතිතුමා අතින් සිදු විය.

රුපියල් ලක්ෂ 177ක වියදමින් පොළොන්නරුව අල්මිනා මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරුණේ ඉන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ 63ක වියදමින් විජයබාහුපුර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

මේ අතර හිඟුරක්ගොඩ නාගපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ රුපියල් ලක්ෂ 73ක වියදමින් ඉදිකෙරුණු පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම සිදු කෙරුණේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා අතිනි.

රුපියල් ලක්ෂ 73ක වියදමින් පොළොන්නරුව හතමුණ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු නව පන්තිකාමර ගොඩනැඟිල්ල සහ රුපියල් ලක්ෂ 230ක වියදමින් හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවන්ට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 69ක වියදමින් මැදිරිගිරිය මහින්ද මහා විද්‍යාලයේ ගොඩනැඟිලි 04 ක් අලුත්වැඩියා කෙරුණු අතර එම පංතිකාමර ගොඩනැඟිලි සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.

එහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රජයකට රටේ අනාගතය වෙනුවෙන් කළහැකි ඉහළම ආයෝජනය වන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී උගතුන් වැඩි වැඩියෙන් රට තුළ බිහි කිරීම බවයි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 69ක වියදමින් මැදිරිගිරිය මහින්ද මහා විද්‍යාලයේ ගොඩනැඟිලි 04 ක් අලුත්වැඩියා කෙරුණු අතර එම පංතිකාමර ගොඩනැගිලි සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019.11.06 වන දින

මා ඉතාමත් සතුටු වෙනවා අද ඔබේ පාසලට පැමිණීමට ලැබීම පිළිබඳව. ඒ වගේම කනගාටුවකුත් තියෙනවා. මේ ගොඩනැඟිලි කිහිපයක් අලුත්වැඩියා කිරීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. නමුත් මට තියෙන කනගාටුව පාසැල්වලට අතිවිශාල මුදලක් පහුගිය අවුරුදු 05 වියදම් කරද්දී ඒ ලැයිස්තුවේ ඔබේ පාසල නොතිබීම. ඒ ඇයි කියල නම් මම දන්නේ නැහැ. 2016 පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන ආරම්භ කරපු වෙලාවේ තුන් අවුරුදු සැලැස්මක් විදියට මේ දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා එවකට සිටි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට තමයි කච්චේරියේ පැවැති රැස්වීමේදී භාර දුන්නේ අඩුපාඩු තිබෙන පාසල්, අලුත්වැඩියා කළ යුතු පාසල්, නව ගොඩනැගිලි, ඒ සියලු පාසැල්වල ලැයිස්තු මට දෙන්න කියලා.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ අද පාසැල් 252ක් තියෙනවා. නමුත් පහුගිය මාස කිහිපය තුළ මට පෙනී ගිය කාරණයක් තමයි විශේෂයෙන් ම හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රදේශවල අධ්‍යාපන කොට්ඨාසවල එවකට සිටි නිලධාරීන් 2016 පටන්ගත්ත ව්‍යාපෘතියේ වැඩ රාශියක් කරන්න තිබුණ පාසැල් අතරින් ඇතැම් පාසැල් අත්හැරලා. මාස 3-4 කට කලින් මණ්ඩලගිරියේ දරුවෝ ඇවිල්ලා මාව හම්බ වෙලා කිව්වා අපේ ඉස්කෝලේ මේ අඩුපාඩු තියෙනවා, ව්‍යාපෘතියට ඇතුළත් වෙලා නෑ කියලා. රුපියල් කෝටි 6000ක් වියදම් කරලා පොළොන්නරු දිස්ත්‍රික්කය ලංකාවේ කිසිදු දිස්ත්‍රික්කයක නැති ආකාරයට පු`ඵල් පරිවර්තනයක් කෙරෙද්දී ඇතැම් පාසැල් ඒ ලැයිස්තුවලින් අත්හැරලා තියෙනවා. ඒක ගැන කනගාටු වෙනවා. ඒක මගේ වැරද්දක් නෙවෙයි, ඒ කාලේ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සම්පූර්ණ වගකීම ගන්න ඕනේ.

ඒ වගේ ම අධ්‍යාපනය පිළිබඳව කතා කළොත් 1997 තමයි මම පොළොන්නරු දිස්ත්‍රික්කයට පළමු වරට ජාතික පාසැල් 04ක් ගැසට් කළේ. මම 89 පාර්ලිමේන්තු ගියේ, 94 නියෝජ්‍ය ඇමති කෙනෙක් වුණේ, 97 කැබිනට් ඇමති කෙනෙක් වුණේ. නමුත් ඊට පෙර මේ දිස්ත්‍රික්කයේ එක ම ජාතික පාසලක්වත් තිබුණේ නැහැ. ඒ නිසා මම රිචඞ් පතිරණ ඇමතිතුමාට කියලා මැදිරිගිරිය ජාතික පාසල, මින්නේරිය මධ්‍ය විද්‍යාලය, හිඟුරක්ගොඩ ආනන්ද බාලිකාව සහ පොළොන්නරුව රාජකීය පාසල් 04 ජාතික පාසැල් බවට පත් කිරීමට හැකි වුණා. ඊට පසු ඔබ මාධ්‍ය තුළ දකින්නට ඇති, තොරතුරු දන්නවා සති දෙක තුනකට කලින් මේ දිස්ත්‍රික්කයේ පාසැල් 05ක් ජාතික පාසැල් විදියට මම ගැසට් කළා. මැදිරිගිරිය ප්‍රදේශයේත්, දිවුලන්කඩවල මහා විද්‍යාලය, බකමූණ ප්‍රදේශයේ මහසෙන් මධ්‍ය විද්‍යාලය, පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලය, කඳුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, අරලගන්විල විලයාය මධ්‍ය විද්‍යාලය යන පාසැල් ජාතික පාසැල් බවට පත් කළා. ඔබේ ප්‍රදේශයටත් මැදිරිගිරිය ජාතික පාසලත්, දිවුලන්කඩවල ජාතික පාසලක් කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

දිවුලන්කඩවල විද්‍යාලය ළගින් එනකොට මම දැක්කා නාම පුවරුව දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාලය කියලා දාලා තියෙනවා. පෙරේදා ගම්පහ දිස්ත්‍රික්කයේ හේනනේගම කියන මහර මැතිවරණ කොට්ඨාසයේ මධ්‍ය විද්‍යාලයකට ගියා. සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ පළවෙනි මධ්‍ය විද්‍යාල 50ට අයිති එකක්. එය ජාතික පාසලක් කරලා තිබුණේ නැහැ. මම අවුරුද්දකට කලින් ඒ පාසලට ගියාම ත්‍යාග ප්‍රදානෝතසවයට මගෙන් ඉල්ලීමක් කළා ජාතික පාසලක් කරලා දෙන්න කියලා. ඒ අනුව පෙරේදා එම පාසල ජාතික පාසල් බවට පත් කරන උත්සවයට සහභාගි වුණා. අද දවසේ වැඩසටහන පටන් ගත්තේ, පොළොන්නරුව කදුරුවෙල තිබෙන විද්‍යාපීඨයෙන්.

විද්‍යාපීඨය තමයි ඔබේ ගුරු මෑණිවරුන්, පියවරුන් මුල් පත්වීම අරන් පුහුණු වෙන ගුරු පුහුණු ආයතනය. පොළොන්නරුව කදුරුවෙල පුලතිසිපුර විද්‍යාපීඨයත් මම 1998 ගත්තේ රිචඞ් පතිරණ ඇමතිතුමාගෙන්. එහි අද තට්ටු තුනේ විශාල නේවාසිකාගාරයක් විවෘත කළා, එය හදන්න මාස 09යි ගත වුණේ. අම්පාරේ උහන මහා විද්‍යාලයත් ගිය මාසේ ජාතික පාසලක් බවට පත් කළා. එතකොට මේ දරුවෝ අහන්න පු`ඵවන් අපේ පාසල ජාතික පාසලක් කරන්න බැරි ඇයි කියලා. ඒ කාලේ හිටපු අධ්‍යාපන ඇමති ළමුන් 400 හිටපු පාසල් පවා ජාතික පාසල් කරලා තිබුණා. නමුත් දැන් ජාතික පාසලක් කරන්න ඒ පාසලේ ළමුන් 2000කට වැඩිය ඉන්න ඕනේ. ඔබේ ප්‍රදේශයේ දැනට ජාතික පාසල් දෙකක් තිබෙනවා. ඒ වාගේම මහින්ද මහා විද්‍යාලයත් හොදට උගන්වන, හොද ප්‍රතිඵල ලබා ගන්න ඉතාම හොද ගෞරවණීය කීර්තිමත් පාසලක් බව ඔබ වාගේම මමත් දන්නවා ඒ ගැන මම සතුටු වෙනවා.

2005 මම මහවැලි ඇමති විදිහට මැදිරිගිරිය ප්‍රදේශය මහවැලි කලාපයක් ලෙස ගැසට් කළා. කලින් තිබුණෙ ප්‍රදේශිය ලේකම් පාලනයේ. ඒ ගැසට් කරපු අවස්ථාවේ දී ලංකාවේ සෑම ආයතනයක තිබුණු පාරවල් හදන මැෂින් ඔක්කෝම ගෙනත් සතියක් මැදිරිගිරියේ පාරවල් ටික හැදුවා. ඒවා දැන් මතකත් නැතිව ඇති වැස්සට හෙදිලා යනවා වාගේ හිත්වල තිබෙන දේවලුත් කාලයත් එක්ක නැතිවෙලා යනවා.

මැදිරිගිරියේ ජනතාවගේ ප්‍රධාන දුක්වේදනාව තමයි ජලය පිළිබඳ ප්‍රශ්නය. එදා සී.පී.සිල්වා මැතිතුමා, එස්.ඩබ්.ආර්.ඒ බන්ඩාරණායක මැතිතුමාගේ ආණ්ඩු කාලයේ මැදිරිගිරියේ ගොවිජන පද ව්‍යාපාරය ආරම්භ කළේ. ඒ තුළ තමයි මැදිරිගිරිය ජනාවාස වුණේ. ප්‍රධාන වශයෙන් ම ඉන් පසුව ගෙවී ගිය අවුරුදු ගණනාවක් මැදිරිගිරියේ ගොවීන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වුණේ ජලය පිළිබඳ ප්‍රශ්නය. කෘෂිකර්මාන්තයට වාර්ෂිකව හිඟ වන ජලය. ඒ වාගේම බොන්න පානීය ජලය නැතිව යන ඒක.

මැදිරිගිරිය කලාපයේ වතුර වලට රණ්ඩු වෙලා මේ ගොවි මහත්වරු, සමහර අය වෙඩි තියා ගන්නවා, කඩුවෙන් කපලා කොටලා යනවා, ගොවීන් ඇළේ වතුර බෙදා ගන්න. එහෙම කාලයක් මේ පළාත්වල තිබුණා. මහවැලි ව්‍යාපාරයෙන් යම් ප්‍රමාණයකට ප්‍රශ්නය විසඳුණත් මම කියපු ආකාරයට විශේෂයෙන් ම කෘෂිකාර්මාන්තයට සහ ගොවිතැනට අවශ්‍ය ජල ප්‍රශ්නය විසඳිලා තිබුණේ නැහැ. 2007 මොරගහකන්ද යෝධ ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිතුමා සහ මම මුල් ගල තියලා වැඩ පටන් ගත්තත් යම් යම් හේතු මත අවුරුදු 5ක් වැඩ ඇරඹීම ප්‍රමාද වුණා, මම ජනාධිපති වුණාට පස්සේ ඒ අමාත්‍යංශ මම අරගෙන අවුරුදු තුනහමාරකින් හතරකින් පු`ඵවන් වුණා මු`ඵ මොරගමකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කරලා කව්ඩුල්ල ජලාශයට වාගේම අනුරාධපුරය, ත්‍රිකුණාමලය, කන්තලේ ඒ මහ ජලාශවලට ජලය දෙන්න. දැන් නැවත මැදිරිගිරියේ ජනතාවට වාගේම රජරට ප්‍රදේශයට, විශේෂයෙන් ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිම අවස්තාවක කෘෂිකර්මාන්තයට ජලය හිඟවීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නෑ කියන එක මම ඉතාමත් සතුටින් ඔබට පැහැදිලි කරන්නට ඕනේ. මොරගහකන්දට ජලය දෙන ක`ඵගඟ ජලාශය මම හෙට විවෘත කරනවා. එයට රුපියල් කෝටි විසිතුන්දාහක් වියදම් කරලා තියෙනවා.

ඉතින් දරුවනේ මේ සංවර්ධනය පිළිබඳ කරුණු කිහිපයක් මම කිව්වේ. ඊට අමතරව දරුවන්ට වචන කිහිපයක් මම කතා කරන්නට ඕනේ මහින්ද මහා විද්‍යාලයේ දරුවන් වන ඔබ විදිහට බොහොම පිංවන්ත, වසනාවන්ත දරුවන් විදිහටයි මම දකින්නේ. විදුහල්පතිතුමා ඇතු`ඵ ගුරුභවතුන් ඉතා විශිෂ්ට සේවයක් ඔබ වෙනුවෙන් ඉටු කරනවා. ඔබේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ ප්‍රාර්ථනාව වෙන්නේ මේ දරුවෝ හොඳ මිනිසුන් කරලීමයි. හැම දරුවෙක්ම රජෙක් කරන්න දෙමව්පියන් කැමතියි. මහන්සි වෙනවා. එයින් අදහස් කරන්නේ රජෙක් කරන්න ඔටුන්නක් පළන්දන එක නෙවෙයි. යහපත් ජීවිත ගත කරවන්නයි ඔවුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ. අද පාසල් විශ්වවිද්‍යාල වෙළා ගෙන තිබෙන මත්ද්‍රව්‍ය උවදුර ගැන දැන් කතා කළ දියණියත් පැවසුවා. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් කළ වැඩසටහනුත් එහා පැත්තේ තිරයේ මම දුටුවා. මම ඒ පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා.

පෙරේදා නාවික හමුදාව හෙරොයින් කිලෝ 224 ක් අත්අඩංගුවට ගත්තා. අපේ රට දූපත් රාජ්‍යයක් වීම වාසනාවක් වගේම සමහර වෙලාවට අවාසනාවන්ත තත්ත්වයන් තිබෙනවා. දූපත් රටක් විදියට අපි ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත්වලින් අනූන රටක්. හිරු එළිය, සඳ එළිය, ගංගා, ඇළ දොළ, සතා සිව්පාවා, දිවයින වටා මහ මුහුද මේ සියල්ල තිබෙනවා. බොහෝ රටවල්වලට එහෙම නැහැ. ඇතැම් රටවල්වලට හිරු එළිය ලැබෙන්නේ පැය දෙකයි තුනයි. සමහර රටවල්වල ගංගා, වැව් නැහැ. සමහර රටවල්වල මහපොළොව සාරවත් නැහැ. සමහර රටවල්වල සතා සිව්පාවුන්, පක්ෂීන් නැහැ. නමුත් අපේ රටේ ඒ සියල්ල තිබෙනවා. ඒ නිසා මේ රට තවත් ඉදිරියට යන්න දරුවෝ හොඳට ඉගෙනගන්න ඕනෑ. රටක අධ්‍යාපනයට කරන ආයෝජනය තමයි ඒ රටේ අනාගතය සඳහා කරන විශිෂ්ටතම ආයෝජනය වෙන්නේ. අධ්‍යාපනය ප්‍රමුඛව සොෟඛ්‍යයට කරන වියදම තමයි ඒ රටේ අනාගතයට උගතුන් බිහිකරන්න, නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකරන්න කරන දීර්ඝකාලීන හොඳම ආයෝජනය වන්නේ. දරුවෝ හොඳට ඉගෙන ගත්තාම රැකියාවල්වලට යනවා පමණක් නෙවෙයි ඔබේ බුද්ධිය මෝරලා ඔබ රට ලෝකය පිළිබඳව දැන ගන්නවා. ලෝකයේ තරගකාරිත්වය සමග ඔබ අසීලාචාරබව හඳුනාගන්නවා. කාටවත් ඔබ රවට්ටන්න බැරිව යනවා. ජන්ද කාලෙට දේශපාලනඥයෝ ජනතාව රවට්ටනවා. නමුත් උගතුන් බිහිවුණාම කාටවත් ඔවුන් රවට්ටන්න බැහැ. ඒ නිසා උගත්කම, දැනුම වර්ධනය සමග අවශ්‍ය වෙන්නේ ඔබ යහපත් පිරිසක් බවට පත්වීමයි. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වගේම නිත්‍යානුකූලයි කියන මත්ද්‍රව්‍ය අරක්කු, බ්‍රැන්ඩි, විස්කි, සිගරට් මේ සියල්ල තුළින් මිනිසුන් විනාශ වෙනවා.

මම ගිය සතියේ පොළොන්නරුවට පැමිණි අවස්ථාවේ දවස් දෙකක් මෙවැනි උත්සවවලට ගියා. එක් වැඩසටහනක දී වැඩිහිටි මහත්මයෙක් මට ලියුමක් දුන්නා ඒ ගමන් මම දැක්කා ඔහුගේ කටේ ලොකු බුලත් විටක් තිබුණා. ලියුම දෙන ගමන් හපනවා. කටත් ලොකුයි පඩික්කමක් වගේ. මම ඇහුවා විට කනවා නේද හුඟක් කියලා. ඔහු මගේ මූණ දිහා බලාගෙන හිටියා. මම ඇහුවා දවසකට විට කීයක් කනවද කියලා. පහක් විතර කනවා කිව්වා. මම ඒ වෙලාවේ ගිහින් සිටියේ මව්වරුන්ගේ වෛද්‍ය සායන ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවට. මමත් සමග වෛද්‍යවරු තුන් දෙනෙක් හිටියා එතන. එතකොට වෛද්‍යවරයෙක් කිව්වා පොළොන්නරුවේ තිබෙන සෞඛ්‍ය ගැටලුව වෙන්නේ පිළිකා රෝගීන් එන්න එන්නම වැඩි වෙනවා. ඒකෙනුත් වැඩි මුඛ පිළිකා අය කිව්වා. මුඛ පිළිකා හැදෙන එකට ලොකුම හේතුව බුලත්විට කන එක කියලා වෛද්‍යවරයා ඒ පුද්ගලයාට කිවිවා.

විභාගවලින් සමත්වෙනවා වගේම ඔබ ජීවිතය සමත් විය යුතුයි. විභාග සමත් වුණත් ඇතැම් අය ජීවිතයෙන් අසමත් වෙනවා. ඔබ විභාග සමත්වෙනවා වගේම සමාජයත් සමග ගැටෙන්නට ඕනෑ. ප්‍රශ්න තේරුම් ගන්න ඕනෑ. ඒක ඉතාම අවශ්‍යයි. මම සතුටු වෙන්නේ මේ දරුවන් හොඳට ඉගෙන ගෙන යහපත් පුරවැසියන් ලෙස සමාජයට යනවිටයි. දරුවන් ඉගෙනගන්නවා නම් අපිට දෙමව්පියන් විදියට සතුටු වෙන්න පුළුවන්.

හෙට කළුගඟ ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම තුළ කෘෂිකර්මාන්තය සඳහා පුළුල් ආයෝජනයක් කරන විශිෂ්ට ව්‍යාපෘතියක්. ඒ පිළිබඳවත් මා සිහිපත් කරමින් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මගෙන් සිදුවිය යුතු දේ තවත් තිබෙනවා නම් එය ද ඉටුකිරීමට මා සූදානම් බව ප්‍රකාශ කරමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

 

 

Share This Post

NEW