සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කරගැනීම සඳහා විනයක් ඇති මහජන නියෝජිතයින් පිරිසක් පළාත් පාලන ආයතනවලට තෝරාපත් කර ගතයුතු බව ජනපති පවසයි.

සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කරගැනීම සඳහා විනයක් ඇති මහජන නියෝජිතයින් පිරිසක් පළාත් පාලන ආයතනවලට තෝරාපත් කර ගතයුතු බව ජනපති පවසයි.

රටේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීමට විනයක් ඇති මහජන නියෝජිතයින් පිරිසක් මෙවර මැතිවරණයෙන් පළාත් පාලන ආයතන සඳහා තෝරා පත්කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (11) පස්වරුවේ හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ පැවති ජනහමුක් අමතමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන හමුව සංවිධානය කර තිබුණි.

ජන හමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ පවතින වැරදි නිවැරදි කරමින් වංචාවෙන් දූෂණයෙන් තොර ජනහිතකාමී ගමනකට මුල් පියවර තබන මෙම මැතිවරණයේ දී ජනතාව ඉතා වගකීමෙන් තම යුතුකම් ඉටුකළයුතු බවයි.

පළාත් පාලන ආයතන වෙත විනයක් ඇති නියෝජිතයින් පත්කරගත යුත්තේ ජාතික දේශපාලන නායකයින්ගේ ගමන් මගේ මූලාරම්භය එය නිසා බව පැවසූ ජනාධිපතිතුමා පළාත් පාලන ආයතන තුළ අවංක ජනහිතකාමී මහජන නියෝජිතයින් බිහිවීමත් සමග සමස්ත දේශපාලන සංස්කෘතියම නිවැරදි ගමන් මගකට අවතීර්ණ වන බව ද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරි පත්වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මහජන නියෝජිතයෙකුට වැරදි කිරීමට තමා ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම වගකීම පක්ෂයේ නායකයා ලෙස තමා භාරගන්නා බවද කියා සිටියේය.

මොරගස්වැව, උල්පත් වැව, ගිරිතලේ, උල්කටුපොත, හත්ගම්පත්තුව, සිරිකෙත, හිඟුරක්ගොඩ යන වසම්වල එක්සත් ජාතික පාක්ෂිකයින් රැසක් ද මෙහිදී ජනාධිපතිතුමාට සහය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූහ.

ප‍්‍රදේශයේ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද මහජන නියෝජිතයින් සහ විශාල ජනතාවක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

 

Share This Post

NEW