සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතු පුර පසළොස්වක පොහෝ දින වැඩසටහනට ජනාධිපතිතුමා එක්විය. 

සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතු පුර පසළොස්වක පොහෝ දින වැඩසටහනට ජනාධිපතිතුමා එක්විය. 

සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතු පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන අද (01) පැවැත්වුණේ ද අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි. වාරියපොළ ශ‍්‍රී සුමංගල පිරිවන් රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ ශ‍්‍රී සීලක්ඛන්ධාභිධාන වයඹ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක නාහිමිපාණන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට ජනාධිපතිතුමා එක්විය.

අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා ඉපැරණි විහාර මන්දිරයට මල් පූජා කිරීමෙන් අනතුරුව විහාර මන්දිරය පසුපස පිහිටා තිබෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් ඉපැරණි සෙල් ලිපිය නිරීක්ෂණය කළේය.

අනතුරුව විහාරාධිපති පුජ්‍ය මොරගොඩ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන් වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට එක්ව සිටියහ.

මේ අතර 2018 නව වසර උදාවත් සමග ඊයේ මධ්‍යම රාති‍්‍රයේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

පළමුව ඓතිහාසික කිරිවෙහෙර සමිඳුන් වැඳපුදාගත් ජනාධිපතිතුමා සතර මහා දේවාල ද වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්තේය. දේවාල පරිශ‍්‍රයේ පිහිටි ප‍්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික පිරිත් මණ්ඩපය විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතිනි.

Share This Post

NEW