සුප්‍රකට චීන චිත්‍ර ශිල්පි Tang Jian wen විසින් නිර්මාණය කරන ලද අලේඛ්‍ය චිත්‍රයක් ජනපතිට පිළිගැන් වේ

සුප්‍රකට චීන චිත්‍ර ශිල්පි Tang Jian wen විසින් නිර්මාණය කරන ලද  අලේඛ්‍ය චිත්‍රයක් ජනපතිට පිළිගැන් වේ

චීනයේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන Tang Jian wen විසින් නිර්මාණය කරන ලද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ රුව රැගත් ආලේඛ්‍ය චිත්‍රයක් පසුගිය දා (12) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

චීන- ශ්‍රී ලංකා සහයෝගිතාවයෙන් නිෂ්පාදන කෙරෙන “You are Always with me” “ඔබ සදා මා සමග” ටෙලි නිර්මාණයේ තිර මංගල්‍යය සඳහා පැමිණි චීන ශිල්පී කණ්ඩායම සමග පැමිණ සිටි චිත්‍ර ශිල්පී Tang Jian wen මහතා විසින් මෙම ආලේඛ්‍ය චිත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ, දේවින්ද කෝන්ගහගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක කර්ණිකා දන්දීමේ ව්‍යාපෘතියට අනුව කර්ණිකා දන්දීමේ පරිත්‍යාගීලී ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්ව තිබේ. චීන ජනාධිපති ෂී ජිංපිං මැතිතුමා විසින් ස්ථාපිත කළ ‘සේද මාවත’ නම් වූ අන්තර්ජාතික ව්‍යාපෘතියට සමගාමීව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදයෙන් කර්ණිකා දන්දීමේ සංකල්පය පදනම් කොට ගෙන ශ්‍රී ලංකාව සහ චීනය අතර අන්තර්ජාතික හා අන්තර් සංස්කෘතික සහයෝගිතාවයක් ලෙස මෙම ටෙලි මාලා කෘතිය නිර්මාණය කෙරේ.

චීන ජාතික ස්වී යාලි අධ්‍යක්ෂවරියගේ නිෂ්පාදනය රචනය හා අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍රී ලාංකික දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂවරයාගේ විධායක අධ්‍යක්ෂණයෙන් හා විධායක නිෂ්පාදනයෙන් ද සැදුම් ලත් ප්‍රථම චීන හා ශ්‍රී ලංකා අන්තර්ජාතික හා අන්තර් සංස්කෘතික සහයෝගිතා ටෙලි මාලා නිර්මාණය වන “නී යුං යුආ ට්සයි වෝ ෂෙන්බියෙන්” “You are Always with me” “ඔබ සදා මා සමග” ටෙලි නිර්මාණයේ තිර මංගල්‍යය ඊයේ (13) විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්විණි.

Share This Post

NEW