හිඟුරක්ගල ලුම්බිණි රජමහා විහාරයේ නව ධර්මශාලා ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

හිඟුරක්ගල ලුම්බිණි රජමහා විහාරයේ නව ධර්මශාලා ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ආගමික පුනර්ජීවය අරමුණු කර ගනිමින් හිඟුරක්ගල ලුම්බිණි රජමහා විහාරයේ ඉදිකෙරුණු නව ධර්මශාලා ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ සිදු විය.

රුපියල් ලක්ෂ 35ක වියදමින් මෙම ධර්මශාලා ගොඩනැඟිල්ල ඉදි කර තිබේ.

අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ධර්මශාලා ගොඩනැඟිල්ල විවෘත කළේය.

උතුරු, නැගෙනහිර, උතුරුමැද තෙපළාතේ ප්‍රධාන සංඝනායක පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ, හිඟුරක්ගල රජමහා විහාරාධිපති පොළොන්නරුව සිරි විජයබා පිරිවෙන් ආචාර්ය පූජ්‍ය රම්බඩගල්ලේ චන්ද්‍රවිමල නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This Post

NEW