හේනේගම මධ්‍ය විද්‍යාලය ජනපති අතින් ජාතික පාසලක් බවට පත් කෙරේ

හේනේගම මධ්‍ය විද්‍යාලය ජනපති අතින් ජාතික පාසලක් බවට පත් කෙරේ

ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් විදුබිමක් වන හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ සිදු විය.

සීගඩබ්ලිව්ගඩබ්ලිව්ග කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පයෙන් බිහි වූ 11 වන මධ්‍ය විද්‍යාලය වන හේනේගම මධ්‍ය විද්‍යාලය 1944 මාර්තු මස 12 වන දින ආරම්භ කෙරිණිග රටටල දැයට වැඩදායී පුරවැසියන් රැසක් දායාද කරමින් සුවහසක් සිසු දරුවන්ගේ නැණ නුවණ පාදන කීර්තිමත් තක්ෂලාවක් ලෙස එදා මෙදා තුර විදුහල් මාතාව අභිමානනීය ගමන් මගකට ප්‍රවේශව සිටී.

අද පෙරවරුවේ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කිරීමේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් දල විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතා සහ ආචාර්ය මණ්ඩලයල දෙමාපියන්ල ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This Post

NEW