Month: September 2015

තිරසර සංවර්ධනය නම් දෙවොල ගොඩනැගිය යුත්තේ ස්වයං-ශික්ෂණය සහ සම-සාධාරණත්වය නම් අත්තිවාරම මතය – ජනපති

තිරසර සංවර්ධනය නම් දෙවොල ගොඩනැගිය යුත්තේ ස්වයං-ශික්ෂණය සහ සම-සාධාරණත්වය නම් අත්තිවාරම මත බවත් ස්වයං-ශික්ෂණය, පුද්ගල මට්ටමින්, ප්‍රජා මට්ටමින්, ජාතික මෙන්ම  සමස්ත මානව වර්ගයාගේ මට්ටමින් ප්‍රගුණ කළ හැකි වේ නම්, එය මානව වර්ගයා තබන විශාල ඉදිරි පියවරක් වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිව්යෝර්ක් නුවර අද (30) පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයේ…

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ශී‍්‍ර ලංකා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ පැසසුමට

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිදුකරනු ලබන කැපවීම සහ ඒ වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ පැසසුමට ලක් වෙයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවන අතරතුර ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා අතර පැවති හමුවකදී අමරිකානු ජනාධිපතිවරයා මේ…

එක්සත් ජාතීන්ගේ සාම සාධන වැඩපිළිවෙළ සඳහා ශ‍්‍රී ලාංකික දායකත්වය වැඩිකිරීමට කැපවනවා – ජනපති

දශක පහකට අධික කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාම සාධන ප‍්‍රයත්නයන්ට ශ‍්‍රී ලංකාව සිය ශක්ති ප‍්‍රමාණයෙන් දායකත්වය ලබා දී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. ජනාධිපතිතුමන් මේ බව සඳහන් කළේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සාම සාධනය පිළිබඳ ඊයේ (28) පැවති සමුළුව අමතමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සාම සාධනය පිළිබඳ සමුළුව ඇමතීමට පෙර අසුන් ගෙන සිටි…

ජනපති ඇමරිකානු රාජ්‍ය ලේකම් හමුවේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගීවීම සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අතර විශේෂ හමුවක් ඊයේ (27) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී සිදු විය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රැදී සිටින නිව්යෝර්ක් නුවර හෝටලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමු වීම විශේෂත්වයක් විය. මෙම…

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙමින් රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතීන් ද ශක්තිමත් කරන බව ජනපති පවසයි.

ඉදිරියේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙමින් රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සහ මානව අයිතීන් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගිවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා බිනර පොහොය යෙදී තිබූ ඊයේ(27) දින නිව්යෝර්ක් බෞද්ධ විහාරයට ගොස් ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව පැමිණ සිටි ශී‍්‍ර…

කාන්තා අයිතිවාසිකම් ප්‍ර‍වර්ධනය සහ ආරක්ෂා කිරීමට, වගබලාගැනීමට  ශ්‍රී ලංකා රජය වගකීම් දරනවා – ජනපති

කාන්තා අයිතිවාසිකම් ප්‍ර‍වර්ධනය සහ ආරක්ෂා කිරීමට වගබලාගැනීම පිණිස  ශ්‍රී ලංකා රජයත් මාත් වගකීම දරන බවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිගැන්වීම ළඟා කරගැනීමට තවදුරටත් දැඩි උනන්දුවෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කිරීමට කැප වන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ නිව්යෝර්ක්…

පාරිසරික යහපාලනය සඳහා විශේෂ අවධානයක් – ජනපති

21 වැනි සියවස තුළ ගෝලීය පාරිසරික-සංවේදී නව ශිෂ්ටාචාරයේ පෙරගමන්කරුවෙකු ලෙස අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමටත්, පාරිසරික යහපාලනය සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමටත් ශ්‍රී ලංකා රජය සැදී පැහැදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසිවාරයට සමගාමීව ආරම්භ කෙරුණු 2015 තිරසාර සංවර්ධන සමුළුව අමතමින් ජනාධිපතිවරයා අද (27) මෙසේ අදහස් දැක්වීය තිරසාර සංවර්ධනය…

පාකිස්ථානු සහ මෝල්ටා අගමැතිවරු ජනපති හමු වෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගීවීම සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථානු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී පැවැත්විණි. දෙරටට බලපාන දේශපාලන කරුණු රැුසක් පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක් වූ අතර දෙරටේ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද අවධානය…

ශී‍්‍ර ලංකාවේ නව ජනාධිපතිවරයා සමස්ථ ලෝකයේම විශ්වාසය දිනාගෙන තිබෙනවා – බැන් කී මුන්

ශී‍්‍ර ලංකාවේ නව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සමස්ථ ලෝකයේම විශ්වාසය දිනාගෙන තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් මහතා පවසයි. ලෝකයේ රටවල් රැසක් අද ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් අත හිත ලබාදීමට ඉදිරිපත්වී ඇති බවද බැන් කී මුන් මහතා ප‍්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීමට ගිය ජනාධිපති…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා සහ විදේශීය රාජ්‍ය නායකයින් අතර හමුවීම් රැසක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ශ‍්‍රී ලංකා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඊයේ (25) පැවැත්විණි. එම අවස්ථාවේදී මෝල්ටා රාජ්‍යයේ ඉදිරියේදි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගීවන මෙන් එහි වත්මන් සභාපති ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි…

NEW