Month: October 2015

“අපේ දරුවන්ගේ සුන්දර ලෝකය විශිෂ්ට ලෝකයක් කරන්නට සිබිල් වෙත්තසිංහ මහත්මිය කැප වුණා” – ජනපති පවසයි

ලේඛිකාවක් ලෙස දරුවන්ගේ සුන්දර ලෝකය විශිෂ්ට ලෙස ගොඩනගන්නට කැප වූ සිබිල් වෙත්තසිංහ මහත්මියට අප හැමගේ ගෞරවය හිමි විය යුතු බව අද(31) පෙරවරුවේ පැවති සිබිල් වෙත්තසිංහ මහත්මියගේ 88 වන ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. දරුවන්ගේ ලෝකය ඔවුන්ට දිනා දෙන්නට රජය නව ගමනක් අරඹා ඇති මේ මොහොතේදී, ඒ දරුවන්ගේ ලෝකයෙන්…

ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරයේ ප‍්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම කරනු පිණිස ඉදිකෙරෙන පොල්දූව – උඩුමුල්ල නව මාර්ගය සඳහා පළමු පස් පිඩැල්ල කැපීම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(31) පෙරවරුවේ සිදු කෙරිණි. පළමු පස් පිඩැල්ල කපන ලද්දේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා විසිනි. නව මාර්ග ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල රුපියල් මිලියන…

නගරයක තිබිය යුතු සෞන්දර්යය සහ අලංකාරය සේම නගරයේ ජීවත් වන ජනතාවගේ මනස ද සුන්දර විය යුතුයි – ජනපති පවසයි

“නව නාගරික සංකල්ප ඔස්සේ ගොඩනැගෙන නගරයක තිබිය යුතු සුන්දරත්වය සහ අලංකාරය නගරයේ වෙසෙන ජනතාවගේ මනස තුළද තිබිය යුතුයි. නොඑසේ නම් එවැනි නගර තුළින් ජනතාවගේ අපේක්ෂාවන් සහ අභිලාෂයන් මුදුන් පත් නොවේ” යැයි ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. ජනාධිපතිතුමා එසේ පැවසූවේ අද (31) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත ,අපේ ගම, පරිශ‍්‍රයේදී පැවැති ලෝක නගර දින සැමරුම් සමාප්ති උළෙලට…

ශ‍්‍රී ලංකා තායිලන්ත සබඳතා ශක්තිමත් කරමින් ජනාධිපතිතුමා හෙට තායිලන්තයට

සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගරු මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා හෙට(01) තායිලන්තය බලා පිටත්ව යයි. ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ආරම්භ වී වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය සහභාගි වන ලෙස තායිලන්ත අගමැති ජනරාල් ප‍්‍රයුත් වාන්  ඕ වා මහතා විසින් කරන ලද විශේෂ ආරාධනයක් මත ජනාධිපතිවරයා තායිලන්තයේ සංචාරය කරනු ඇත. මෙම සංචාරය…

රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළේදී බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා උපරිමයෙන් ලබා ගැනීම නව රජයේ අරමුණ බව ජනපති පවසයි

රට ගොඩනැඟීමේ ඉදිරි වැඩපිළිවෙළට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා උපරිමයෙන් ලබා ගැනීම නව රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (30) පස්වරුවේ ශ්‍රී ලංකා බැංකු අධ්‍යාපන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ 30 වන වාර්ෂික සමුළුව අමතමිනි. ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ වසර 30 ක ගමන්…

ආර්ථික කළමණාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභා රැස්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි. ඉදිරි වසරවලට අදාළව රටේ ආර්ථික තත්ත්වයන් පිළිබඳව තීන්දු තීරණ ගැනීමට මෙම ආර්ථික කළමණාකරණ කාරක සභා රැස්වීම ඉදිරියේදී සෑම මසකම ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. නව රැකියා බිහි කිරීම, ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීම, ග‍්‍රාමීය ආර්ථික වර්ධනය,…

තම පාලන කාලය තුළ රටේ ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීමේ වගකීම ඉටුකරනවා – ජනපති

නිදහසින් පසු මේ රටේ බිහි වූ රාජ්‍ය නායකයන් රටේ සහ ජාතියේ අවශ්‍යතාවය මත එක් එක් යුගයන් තුළ සුවිශේෂි වගකීම් ඉටු කළා සේම තම පාලන කාලය තුළ රටේ ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීමේ වගකීම ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් රන්බිම ඉඩම් හිමිකම් බලපත‍්‍ර…

ඉදිරි පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙනවා ජනපති

ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා තමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. තමා කිසිවිටෙකත් පක්ෂය පරාජය වනු දැකීමට කැමති නොවන බව පැවසු ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අමරණීය පක්ෂයත් බවත් පසුගිය මැතිවරණ දෙකක් අප පරාජය වු බව පිළිගනිමින් සහ ඊට හේතු වු කරුණු සොයා බලමින් ජයග‍්‍රහණය කරවීම…

ජනපති තායිලන්තයේ සංචාරයක

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිවුදින නිල සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතයි. තායිලන්ත අගමැති ජනරාල් ප්‍රයුත් චාන් ඕ චා මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සඳහා හෙට (01) තායිලන්තය බලා පිටත්ව යන ජනාධිපතිවරයා 4 දා තෙක් එරට රැදී සිටි. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර…

ජිනීවා යෝජනා සහ එහි අභියෝග පිළිබද සාකච්ඡා කිරීමට ජනපති  ආගමික නායකයින් හමු වෙයි

ජිනීවා මානව හිමිකම් වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ එහි අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආගමික නායකයින් අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගියදා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික දේශපාලන සමුළුවේදී ඉදිරිපත්වූ අදහස් පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා ආගමික නායකයින් දැනුවත් කළහ. වත්මන් අභියෝග ජයගැනීම සඳහා සියලූම ආගම් නියෝජනය…

NEW