Month: November 2015

සංවර්ධිත රටවල් ගෝලීය හරිතාගාර වායු ‍මෝචනය අඩු කිරීම අවශ්‍යයි – ජනපති

ඓතිහාසික වගකීම සැලකිල්ලට ගනිමින් සංවර්ධිත රටවල් විසින් සිදු කරනු ලබන ගෝලීය හරිතාගාර වායු ‍මෝචනය විශාල වශයෙන් අඩු කිරීම අවශ්‍යය බව අද (නොවැම්බර් 30) පැරිස් නුවරදී පැවැති 2015 – දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ ය. පොදු වගකීම් පිළිබඳ මූලධර්මයන් වැලඳගැනීම අපට අවශ්‍යය වුවද මෙම සියවස තුළ උෂ්ණත්ව වර්ධනය…

රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිදු ආකාරයේ පියවරක් නොගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කරයි

රටට දැඩි ලෙස ආදරය කරන තමා රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිදු ආකාරයේ පියවරක් නොගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ප‍්‍රංශයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ගේ එකමුතුව සමග ඊයේ (29) රාති‍්‍රයේ පැවති හමුවකට එක් වෙමිනි. ප‍්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත්…

ජනාධිපතිතුමා අද එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අමතයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අද (30) උදෑසන පැරිස් නුවරදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එරට වේලාවෙන් අද ප.ව 3.00 පමණ සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට අයත් රාජ්‍ය නායකයින් 150 කට අධික පිරිසක් සමුළුවට එක්ව සිටින අතර දශක 04 කට පසු මෙතරම් රාජ්‍ය නායකයින් පිරිසක් එකවර…

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගීවීම සඳහා පිටත්ව ගිය ශ‍්‍රී ලංකා ජනපති  ප‍්‍රංශයට

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගීවීම සඳහා ප‍්‍රංශය බලා පිටත්ව ගිය ශ‍්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ (29) ප‍්‍රංශයේ චාල්ස් ඩිගෝල් (chals degalle) ගුවන්තොටුපළ වෙත ළගාවිය. ගුවන්තොටුපළට පැමිණි ජනාධිපතිතුමා ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපතිතුමා ඇතුඑ නිළධාරීන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණ. 2015 දේශගුණික විපර්යාස පිළිඳබ සමුඑව සඳඟා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතරින් රාජ්‍ය නායක නායිකාවන්…

ජනපති පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනයේ ඇගයීම් සම්මානයකින් පිදුම් ලබයි

පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ ප‍්‍රජාව වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ලබාදුන් සුවිශේෂී සහයෝගය සහ දායකත්වය උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනය විසින් ජනාධිපතිතුමා වෙත ඇගයීමේ සම්මානයක් පිරිනැමීය. පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනයේ සභාපති අහමඞ් අඩමු (Ahamed Adamu) මහතා විසින් ඊයේ (28) මෝල්ටා රාජ්‍යයේදී ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය පිරිණමන ලදී. මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ…

ශී‍්‍ර ලංකා නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ඕස්ටේ‍්‍රලියානු සහ කැනඩා අගමැතිවරු පැහැදීමෙන්

              ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව ගොඩනඟමින් රට ආර්ථික සංවර්ධනය කරා ගෙන යන ශී‍්‍ර ලංකා නව රජයේ වැඩපිළිවෙළ ඕස්ටේ‍්‍රලියානු සහ කැනඩා අගමැතිවරුන්ගේ පැසසුමට ලක් වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට මෝල්ටා රාජ්‍යයට ගිය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ ඕස්ටේ‍්‍රලියා සහ කැනඩා අගමැතිවරු මේ බව…

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගීවීමට  ජනපති හෙට ප‍්‍රංශයට

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හෙට (29) ප‍්‍රංශය බලා පිටත්ව යයි. මෝල්ටා රාජ්‍යයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපතිතුමා මෙලෙස හෙට ප‍්‍රංශය බලා පිටත්ව යාමට නියමිතය. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව නොවැම්බර් 30 වෙනිදා පැරිස් නුවරදී ආරම්භ කෙරේ. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය…

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමට ශී‍්‍ර ලංකා රජය ගත් පියවර බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ පැසසුමට

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා පසුගිය මාස කිහිපය තුළ ශී‍්‍ර ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩෙවිඩ් කැමරන් මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය ප‍්‍රසාදය පළ කළේය. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අතරතුර ඊයේ(27) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ද්විපාර්ශවික සාකච්ඡාවට එක්වෙමින්…

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් එකිනෙකා හා බැඳී සිටින්නේ පොදු වටිනාකම් මගින් මිස ඒ ඒ රටවල බලය හෝ සමෘද්ධිය මත නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් එකිනෙකා හා බැඳී සිටින්නේ එකිනෙකා අතර හුවමාරු කර ගන්නා පොදු වටිනාකම් මගින් මිස ඒ ඒ රටවල බලය හෝ සමෘද්ධිය මත පදනම්ව නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ මෝල්ටා රාජ්‍යයේ පැවැත්වෙන 2015 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව එරට වේලාවෙන් අද (27) පෙරවරුවේ…

මෝල්ටා ගුවන් තොටුපළට පැමිණි ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා හරසරින් පිළිගැනේ

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පස්වරුවේ මෝල්ටා රාජ්‍යය වෙත ළගාවිය. මෝල්ටා රාජ්‍යයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනාධිපතිතුමා පිළිගනු ලැබිණි. හෙට (27) ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු රාජ්‍ය…

NEW