Month: March 2016

ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීම පිළිබඳ විද්වතුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

වර්ෂ 2030 වන විට තිරසාර සංවර්ධනයක් අත්කර ගත් ඉහළ ආදායමක් ඇති ආදර්ශවත් ජාතියක් වීම හා තෘප්තිමත්, සාමකාමී සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීම පිළිබඳ විද්වතුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ‘ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය හා…

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචනය ජනපති ප‍්‍රධානත්වයෙන්

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචනය සඳහා වූ සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මහවැලි කලාපවල පදිංචිකරුවන් සඳහා ඉඩම් ඔප්පු හෝ බලපත‍්‍ර ලබාදීම කඩිනම් කිරීම, මහවැලි කලාපවලට අයත් විහාරස්ථාන සඳහා ස්ථීර ඔප්පු ලබාදීම, අවිධිමත්ව ඉඩම් භුක්ති විඳින්නන් සඳහා විධිමත් විසඳුමක් සපයා ගැනීම, ඉදිරියේදී ඇතිවිය හැකි නියඟයකදී මහවැලි…

මූල්‍ය විනය සහ කළමනාකරණය පිළිබඳ වගකීම වසරකදී  ක්‍රියාවෙන් පෙන්වා දුන්නා – ජනපති

අවුරුද්දකට වැඩි කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දි මුල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ සිය වගකීම් නිසි ලෙස ඉටු කළ බව ජනාධිපතිතුමා පැවසීය. අද ජනාධිපති කාර්යාලයේ වියදම සියයට 60 කින් අඩු කිරීමට කටයුතු කර තිබෙන අතර විදේශ සංචාර සඳහා තමා කිසිවිටෙකත් පෞද්ගලික ගුවන් යානා ගෙන නොගිය බවත් සාමාන්‍ය මගී ගුවන් යානයකින් ඉතා සීමිත පිරිසක් සමඟ ඒ…

ආණ්ඩු හදන්නෙත්, වෙනස් කරන්නෙත් ජනතා මතවාදයයි.

රටට වැඩ කළ පමණින් මැතිවරණ ජයග‍්‍රහණය කළ නොහැකි බව ජනපති පවසයි. ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු වෙනස් කරන්නෙත් ජනතා මතවාදය බව පැවසූ ජනාධිපතිතුමා රටට වැඩ කළ පමණින් කිසිවෙකුට මැතිවරණ ජයග‍්‍රහණය කළ නොහැකි බව පැවසීය. රටට වැඩ කළ පුද්ගලයින් සැමදා මැතිවරණ ජයග‍්‍රහණය කරනවා නම් සී.පී. ද සිල්වා වැනි චරිත සැමදා පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පැවසූ ජනාධිපතිතුමා රට වෙනුවෙන්…

දැදිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස කීර්තිසිරි  විජේතුංග මහතා පත් කෙරේ

දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස කීර්තිසිරි විජේතුංග මහතා පත් කෙරේ. ඒ මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය .

මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු ලෙස නාසර් අක්‍රම් මහතා පත් කෙරේ

මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු ලෙස නාසර් අක්‍රම් මහත් පත් කෙරේ. ඒ මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

වයඹ සුව විශිෂ්ටතා සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

වයඹ පළාතේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සපයාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය ආයතන සහ කාර්ය මණ්ඩල අතර තරගකාරිත්වය තුළින් සේවා සැපයීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන වයඹ සුව විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ වයඹ පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. වයඹ පළාතේ හොඳම රෝහල, සෞඛ්‍ය සේවා ආයතන මෙන්ම විශිෂ්ට…

උතුරු – දකුණු මාධ්‍යය  සහයෝගීතාව

ජාතික සංහිඳියාව හා සහජීවනය ශක්තිමත් කිරිමේ අපේක්ෂාවෙන් “එන්න එකට හුස්ම ගන්න” මැයෙන් තල්පතයි පන්හිඳයි එකට යා කරමින් උතුරු දකුණු මාධ්‍යයවේදීන් ඒක රාශි කළ චාරිකාව පසුගිය සතියේ පැවැත්වුනි. ජාතික සංහිඳියාව හා සහජීවනය ගොඩනැගීමට මාධ්‍යය තුළින් ප්‍රබල භූමිකාවක් ඉටු කරයි. එකි අරමුණ ද පෙරදැරිව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන…

නිසි ලෙස රාජකාරිය ඉටු කරන නිලධාරීන්ට වංචා, දූෂණ පිළිබඳ  පරීක්ෂණවලට පෙනී සිටීමට සිදු නොවන බව ජනපති පවසයි.

අද රාජ්‍ය සේවයේ ඇතැම් පිරිසක් මූල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණවලට පෙනී සිටීමට සිදුවනු ඇතැයි ලිපිගොනුවලට අත්සන් තැබීමෙන් වැළකී සිටින බව පැවසූ ජනාධිපතිතුමා තම කාර්ය නිසි ලෙස ඉටු කරන නිලධාරීන්ට කිසිවිටෙකත් පරීක්ෂණවලට පෙනී සිටීමට සිදු නොවන බව ප‍්‍රකාශ කළේය. මහජනතාව වෙනුවෙන් තම වගකීම් නිසි ලෙස ඉටු කරන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද…

අද ශබ්දකෝෂයෙන් විදුලි පුටුව යන වචනය ඉවත්ව ගොස් ඇත – ජනපති

ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ නිදහස සුරක්ෂිත කිරීමට කැපවූ රජයක් ලෙස අද ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ලෝකයේ සියලු රටවල පිළිගැනීමට ලක්ව තිබෙන බවත්, එම පිළිගැනීම තුළ වසර ගණනාවක් පුරා මේ රටේ ජනතාව, දේශපාලනඥයින් මෙන්ම මාධ්‍යවේදින් කථා කළ විදුලි පුටුව යන වචනය ශබ්දකෝෂයෙන් ඉවත්ව ගොස් ඇති බවත් ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල…

NEW