Month: August 2016

දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ ඉටි පිළිරුව ජනපති අතින් නිරාවරණය කෙරේ

දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ ජීවමාන ආකාරයෙන් නිම වූ ඉටි පිළිරුව නිරාවරණය කිරීම අද (31) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය විසින් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුණ සැමරුම් සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද මැති ඇමතිවරු රැසක් සහ…

වැරදි තොරතුරු සමාජයට ලබාදෙමින් ජනතාව නොමග යැවීමට කරන උත්සාහයන් දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව ජනපති පවසයි.

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තාවකාලිකව ඉවත් කළ කුරුණෑගල නගරය ආසන්නයේ තිබූ රණවිරු ස්මාරකය පෙරට වඩා අලංකාරවත් සහ නිර්මාණශීලි ලෙස නැවත එම ස්ථානයේම ඉතා කඩිනමින් ඉදිකිරීමට තමා ආරක්ෂක ලේකම්වරයාට සහ යුද හමුදාව වෙත උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය. රණවිරු ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙන බවට ගෙන යන…

උඩුදුම්බර සහ යටිනුවර ආසන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායක වරු පත්කෙරේ.

උඩුදුම්බර ආසනයට සහ යටිනුවර ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩුදුම්බර ආසන සංවිධායක ලෙස නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද යටිනුවර ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්…

2017 වසර රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වසරයි – ජනපති පවසයි

2017 වර්ෂය රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස ප‍්‍රකාශයට පත් කරන බව ජනාධිපතිතුමා පවසයි. ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය…

මාධ්‍ය නිවේදනයයි

ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන සිඩ්නි මෝනිං හෙරල්ඩ් හි (Sydney Morning Herald) ඊයේ (24) පළ වූ ප්‍රවෘත්තියකට අනුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2009 වර්ෂයේ දී කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ දී එතුමාගේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා සම්බන්ධව සිදු වූවා යැයි පැවසෙන සිද්ධිය පිළිබඳ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පුද්ගලික අවධානය…

සමෘද්ධි ව්‍යාපාරය කාර්යක්ෂම හා ඵලදායී ආයතනයක් බවට පත්කරන බව ජනපති පවසයි

පසුගිය රජයේ අයහපත් පාලනය හමුවේ සේවක බලාපොරොත්තු බිඳ වැටීම තුළ අතෘප්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති සමෘද්ධි ව්‍යාපාරය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ආයතනයක් බවට පත් කරමින් රටට වැඩදායී ආයතනයක් බවට පත්කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සමෘද්ධි කළමනාකරුවන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ…

2015 අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ටයින් ජනපති හමු වෙයි

2015 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දිවයිනේ මුල් ස්ථාන 10 අතරට පත් වූ සිසුන් 12 දෙනා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූහ. එම සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශීංසන පිළිගැන්වීය. සිසුන් වෙනුවෙන් මුදල් තිලිණ ප‍්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර ලැප්ටොෆ් පරිගණක ද…

දිවංගත පී.බී. අල්විස් පෙරේරා කවියාගේ 50 වැනි ගුණ සමරුව ජනපති ප‍්‍රධානත්වයෙන්

පී.බී. අල්විස් පෙරේරා කවියාගේ 50 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩලයේ දී පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ පී.බී. අල්විස් පෙරේරා කවියා රට ජාතිය වෙනුවෙන් තමාගේ යුතුකම මැනවින් ඉටුකළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් බවය. එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග…

ති‍්‍රවිධ හමුදාවේ සියලු සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ අභිමානය වෙනුවෙන් පෙනී සිටින බව ජනපති අවධාරණය කරයි.

ති‍්‍රවිධ හමුදාවේ ඉහළ සිට පහළට සියලු සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ අභිමානය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. සේනාධිනායකයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එම වගකීම් පිළිබඳ කිසිදු අවස්ථාවක අඩු තක්සේරුවකින් කටයුතු නොකරන බව ද ජනාධිපතිතුමා අවධාරණ කළේ අද (22) පස්වරුවේ පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 09 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උත්සවය අමතමිනි.…

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කෙරේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කෙරේ. ඒ මහතා අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

NEW