Month: December 2016

අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහනාහිමිපාණන්ට ජනපතිගෙන් ජන්ම දින සුබ පැතුම්

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහනායක ස්වාමීන්වහන්සේගේ 102 වන ජන්ම දිනය අදට යෙදී ඇති අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උන්වහන්සේ වෙත සිය ජන්ම දින සුබ පැතුම් පිරිනැමීය. උන්වහන්සේ වැඩ වෙසෙන නුගේගොඩ, පාගොඩ ශ්‍රී විද්‍යා විජයරාම විහාරස්ථානය වෙත අද (31) උදෑසන ගිය ජනාධිපතිතුමා මහානායක ස්වාමින්වහන්සේගේ සුව දුක් විමසා…

විල්පත්තුව අභය භූමියට අයත් ප‍්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් වනජීවි කලාපයක් ප‍්‍රකාශයට පත්කර ගැසට් කිරීමට ජනපතිගෙන් උපදෙස්

විල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි කඩිනම් වැඩපිළිවෙළක් විල්පත්තුව අභය භූමියට අයත් වන ප‍්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ‍්‍රිත සියලුම වන බිම් ද ඇතුළත්වන ආකාරයට වනජීවි කලාපයක් ප‍්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. එමෙන්ම විල්පත්තුව ඇතුළු…

රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව ….

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති හොරණ නිවසට අද (30) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර කුසුම් වික්‍රමනායක මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු පවුලේ සියලුදෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු සහ…

හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් – ජනපතිගෙන් උපදෙස්

අභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකරන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ. ඒ මහතාගේ අභාවය සැලවූ වහාම අවශ්‍ය කටයුතු සොයා බැලූ ජනාධිපතිතුමා අදාළ අංශ සම්බන්ධ කරගනිමින් හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් සංවිධානය කරන ලෙස උපදෙස් දුන්නේය. රත්නසිරි…

ජනපති ඓතිහාසික ජයශ්‍රී  මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (25) ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අද පස්වරුවේ ඓතිහාසික අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි ගරු ජනාධිපතිතුමා පළමුව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසීය.

වැසි දිය ලැබී කෙත්වතු සාර වී ජනතාවට සෙත සැලසෙන්න ප්‍රාර්ථනා කරමින් පිරිත් සජ්ඣායනයක් …

දැඩි නියඟය හේතුවෙන් රටටත් ජනතාවටත් ඇති වී තිඛෙන දුෂ්කරතා මඟහරවමින් වැසි දිය ලැබී කෙත්වතු සාරවත් කිරීමට ප්‍රාර්ථනා කරමින් භික්ෂූන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් පිරිත් සජ්ඣායනයක් පරාක්‍රම සමුද්‍රයේ ඩී.එස් සේනානායක පිළිරුව අසලදී ඊයේ (24)පැවැත්වුණ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය. පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව අද (25) උදෑසන භික්ෂූන් වහන්සේලා සියක් නමක විෂයෙහි සාංඝික දානමය…

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ සදාතනික පූජනීයත්වයට ඔසවා තබනුයේ යහපත වන්දනීය ලෙස සලකන ලෝකවාසී ජනතාවයි – ජනපති

මිනිසා අන්‍යයන් කෙරෙහි දයාර්ද්‍ර වීමට මෙන්ම අන්‍යයන් අයිතීන් පිළිබඳව ගැඹුරින් සිතන්නට වන්නේ ඔහුගේ විශ්වාසය මත පදනම් වූ ආගමික නැඹුරුව ඔස්සේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නත්තල් උත්සවයට නිකුත් කළ සිය ශුභාශිංසන පණිවුඩයේ සඳහන් කරයි. වසර දෙදහස් ගණනකට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ ද අවිචාරය, සැහැසිබව සහ ක්‍රෑරත්වය පිරිවැරුණු සමයක බවත් එදවස දිළිඳු ගවලෙනක් කේන්ද්‍ර…

සිරස මූලස්ථාන පරිශ්‍රයේ නත්තල් කලාපය  ජනපති අතින් විවෘත කෙරේ

උදාවන අසිරිමත් නත්තල වෙනුවෙන් සැරසෙන කොළඹ නගරයේ ඊයේ (23) පස්වරුවේ සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිරස මූලස්ථාන පරිශ්‍රයේ පැවැත්වෙන නත්තල් කලාපය ආලෝකවත් කිරීමට ද එක් විය.

NEW