Month: January 2017

පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට ජනපතිගේ වැඩපිළිවෙළ  ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට

මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට ලක් වෙයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි. පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවමින් එහි පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක කර ඇති…

ඩෙංගු රෝග මර්දනය සඳහා නව වැඩපිළිවෙළක්

සීඝ‍්‍රයෙන් හිස ඔසවන ඩෙංගු රෝග මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළට අමතරව නව වැඩපිළිවෙළක් ලබන සතියේ හඳුන්වා දීමට කටයුතු කරන බව ජනපති පවසයි. මාරාන්තික ඩෙංගු රෝගය නිවාරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් කරමින් හඳුන්වා දීමට නියමිත නව වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු රට වැසියාගේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනාධිපති…

වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම කෘතවේදීව සිහිපත් කරනවා සේම හෙට දවසේ අභියෝග ජය ගැනීම සඳහා ඔවුන් ශක්තිමත් කිරීමේ වගකීම ඉටුකරනවා.

පසුගිය යුද සමයේදී යුද, නාවික, ගුවන් ති‍්‍රවිධ හමුදාව සේම පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම සෑමවිටම කෘතවේදීව සිහිපත් කරමින් ඔවුන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබා දෙනවා සේම හෙට දවසේ අභියෝග ජයග‍්‍රහණය කිරීම සඳහා ඔවුන් සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව…

අද සියලුදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනැගීමට බව ජනපති පවසයි.

අද අප සියලුදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනගමින් ජනතා ගැටලු විසඳීමට බව ජනාධිපතිතුමා පවසයි. ඇතැමුන් බලය ඉල්ලා සටන් කළද 2020 න් පසුව එන මැතිවරණයකදී ජනතා තීන්දුව අනුව මිස ඊට පෙර දේශපාලන බලය පිළිබඳ සිතීමටවත් කිසිවෙකුට නොහැකි බව ජනාධිපතිතුමා කියා සිටියේය. මැතිවරණ සමයක දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් කළද ජනතා කැමැත්තෙන් පත්වූ නව…

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ.එල්. රත්නසේකර මහතා පත් කෙරේ

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ.එල්. රත්නසේකර මහතා පත් කෙරේ. ඒ මහතා අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජනපති අතින් කොටගල ප්‍රාදේශීය රෝහලට නව ගිලන් රථයක්

පසුගිය 21 වනදා තලවකැලේ තේ පර්යේෂණායතනයේ පැවති උත්සවයකට සහභාගීවීමට ගිය ජනාධිපතිතුමා ගමන්ගත් ගුවන් යානය නතර කළ කොටගල ප්‍රදේශයේ දී ජනාධිපතිතුමා වටකරගත් පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එතුමා සමග සුහද කතා බහක නිරත විය. එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිතුමා පාසලේ පවතින අඩු පාඩු පිළිබඳව ද විමසා සිටියේය. එහිදී සිය පාසලේ පවතින සනීපාරක්ෂක පහසුකම්…

මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහා  සාමාජිකයින් පත් කෙරේ

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන හා පරීක්ෂණ සිදුකර වාර්තා කිරීමට ගරු ජනාධිපතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහා සාමාජිකයින් පත් කෙරේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන් එහි සාමාජිකයින් ලෙස ජනාධිපතිතුමා විසින් පත් කර තිබේ.

2016 ජාතික තත්ත්ව සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික තත්ත්ව සම්මාන උළෙල – 2016 අද (27) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විණි. වර්තමාන ලෝකයේ අභියෝග ජයග‍්‍රහණය කිරීම සඳහා සියලු කාර්යයන්හි හා සැලසුම්හි තත්ත්වය හා ප‍්‍රමිතිය පිළිබඳ අවධානය යොමු කළයුතු බව ජනාධිපතිතුමා මෙහිදී…

පරිසර අමාත්‍යවරයා ලෙස තම සැලැස්ම ඉදිරි වසර 04 තුළ මෙරට වන ඝණත්වය සියයට 32 දක්වා වර්ධනය කර ගැනීම බව ජනපති පවසයි.

පරිසර අමාත්‍යවරයා ලෙස තම සැලැස්ම දැනට සියයට 27 ක් 28 ක් අතර පවතින මෙරට වන ඝණත්වය ඉදිරි වසර 04 තුළ සියයට 32 දක්වා වර්ධනය කර ගැනීම බව ජනාධිපතිතුමා පවසයි. ලෝකයේ අනෙකුත් රටවල් සේම අපේ රටේද සිදුව ඇති පරිසර හානිය හේතුවෙන් මතුව ඇති දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් සමග මිනිසා ප‍්‍රමුඛ සියලු සතුන්ට ජීවත්වීම පිළිබඳ අභියෝගයකට මුහුණදීමට…

ප‍්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි උපහාර උත්සවය  ජනපති ප‍්‍රධානත්වයෙන්

ප‍්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි. වසර 50 ක සිය සිනමා රංගන ජීවිතය තුළ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශී‍්‍ර ලාංකේය සිනමාවට සිදුකළ සේවාව අගයමින් උපහාර තිළිණයක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.…

NEW