Month: February 2017

ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම ජාතික සමුළුවට ජනපති එක්වෙයි

ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම ජාතික සමුළුව ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද ඊට එක්විය. ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සම්පාදනය කළ තිරසර යුගයක මග නම් වූ ජාතික සැලැස්ම මෙහිදී ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත…

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් අරඹන ලෙස ජනපතිගෙන් උපදෙස්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් විශේෂ ව්‍යාපෘතියක් සේ සලකා කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය. මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් හා කාර්යක්ෂම කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳ අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම…

ධූරයෙන් විශ‍්‍රාම යන අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් මහතා ජනපති හමු වෙයි

ධූරයෙන් විශ‍්‍රාම යන අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් මහතා අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. සේවය අගය කරමින් ජනාධිපතිතුමා මෙහිදී අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. එමෙන්ම ඒ මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පිළිගැන්වීය.

2016 වසරේ විශිෂ්ටතම ජාතික ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූ ෂෙහාන් සෙනෙවිරත්න මහතාට ජනපතිගෙන් සුබ පැතුම්

2016 වසරේ විශිෂ්ටතම ජාතික ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූ එස්.එම්.එස්. හෝල්ඩින්ග්ස් සභාපති කළමනාකාර අධ්‍යක්ෂ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝර්ස් ටර්මිනල්ස් ලිමිටඞ්හිි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. ශී‍්‍ර ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් 21 වන වරටත් පැවැත්වූ ජාතික හොඳම ව්‍යවසායකයා තේරීමේ තරගයෙන්…

කුමන ආර්ථික අභියෝග හමුවේ වුවද දිළිඳු ජනතාවගේ සුබසාධනය සඳහා රජය ප‍්‍රමුඛත්වය ලබාදී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපේ රටට ද කුමන ආකාරයේ ආර්ථික අභියෝගවලට මුහුණදීමට සිදුවුවද දිළිඳු ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය ප‍්‍රමුඛත්වය ලබා දී තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ කොළඹ මහබැංකු ශ‍්‍රවණාගාරයේ පැවති තිරසර මූල්‍ය පිළිබඳ වැඩමුළුවේ සමාරම්භක සැසිය අමතමිනි. අපේ රටේ සියයට 30 ක පමණ ජනතාවක්…

මෙවර ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සහ 2017 ලෝක බෞද්ධ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීමේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමක්, ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සහ ලෝක බෞද්ධ සමුළුව 2017 වසරේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම දිගුකාලීන…

ශී‍්‍ර ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බවට සීෂෙල්ස් ජනාධිපතිවරයා ජනපතිට සහතික වෙයි

ශී‍්‍ර ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට සිය රටේ උපරිම සහය ලබාදෙන බවට සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆවුරේ (Danny Faure) මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවේ සහතික වෙයි. ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆවුරේ මහතා අද (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය. ජනාධිපති නිල…

සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය  ජනපති හමු වෙයි

සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. උසස්වීම් ලබාගැනීමේදී මතුව ඇති ගැටලු සහ සිය වෘත්තීය ගැටලු පිළිබඳව මෙම නියෝජිතයින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ගත හැකි ඉදිරි පියවර පිළිබඳ අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන බව කියා සිටියේය. එමෙන්ම…

රණවිරු වරප‍්‍රසාද දිනා දීමට ඉදිරියටත් ගතයුතු සියලු පියවර ගන්නා බව  ජනපති පවසයි

රණවිරුවන්ගේ සුබසාධනය සහ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් වත්මන් රජය බලයට පත්වී ගෙවීගිය පසුගිය දෙවසර තුළ පියවර රැසක් ගෙන තිබෙන අතර, ඉන් සෑහීමකට පත් නොවී ඉදිරියේදී ද රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මන්නාරම, මුල්ලිකුලම් ශී‍්‍ර ලංකා නාවික හමුදා නෞකාභරණ වයඹ නාවික…

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනපති යයි

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගියේය. කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා එතුමා සමඟ කෙටි පිළිසඳරක ද නිරත විය.

NEW