Month: July 2017

වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පොදු ජනතාව වෙනුවෙන් බව ජනපති පවසයි.

රට තුළින් විවිධ ආකාරයේ ජනතා ගැටලු ඉදිරිපත් වුව ද, එදා සිටී නායකයින්ගේ අවධානය යොමුවූයේ රටේ එක් ප‍්‍රදේශයක සංවර්ධනය සඳහා පමණක් බව ජනාධිපතිතුමා පැවසීය. ඒ තුළ ද තිබූ වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා හේතුවෙන් පොදු ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභ අවම වුව ද යෝධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප‍්‍රමුඛත්වය හිමිවූ බව ජනාධිපතිතුමා කියා සිටියේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ…

මීගස්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය  ජනපති අතින්  ජනතා අයිතියට

මැදිරිගිරිය, මීගස්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය  අද පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ජනතා අයිතියට පත්කෙරිණි.   මීගස්වැව, වඩිගවැව, පතොක්වැව, සෙනරත්පුර , කුමුදුපුර සහ මයිලගස්හංදිය යන ප්‍රදේශවල පවුල් 3000 කට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කරමින් ඉදිකර ඇති මෙම වෛද්‍ය සත්කාර ඒකකය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 11 කට ආසන්නය.   සමරු…

තම ආශීර්වාදයෙන් තොරව අලුත් ආණ්ඩුවක් සෑදීමට කිසිවෙකුට නොහැකි බව ජනපති පවසයි.

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප‍්‍රමාණය වෙනස්කර ආණ්ඩු බලය ලබා ගැනීමට කවුරුන් සිහින දුටුව ද අලුත් ආණ්ඩුවක් සෑදීමට නම් තම කැමැත්ත සහ ආශිර්වාදය අනිවාර්යයෙන් ලබාගත යුතු බව සියලුදෙනා සිහිතබාගත යුතු බව ජනාධිපතිතුමා පවසයි. පාර්ලිමේන්තුවේ ආසන 113 ක් හදාගැනීමෙන් පසුව ආණ්ඩුව සහ ජනාධිපතිවරයාත් අවසන් බවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් ජාතික පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා…

පොළොන්නරුව රාජකීය ප‍්‍රාථමික විද්‍යාලයේ නව තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සහ රංග ශාලාව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. “රජ රට නවෝදය – පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් වැඩසටහන යටතේ මෙම පාසලේ සංවර්ධන කටයුතු සිදුකර තිබෙන අතර සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති නව රංග ශාලාව සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 50…

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීමට ජනපති හදිසියේම කැබිතිගොල්ලෑවට

වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) හදිසියේම කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.   ජනාධිපතිතුමා පළමුව සංචාරය කරනු ලැබුවේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහටගොල්ලෑව ප්‍රදේශයේය.   කිසිදු පෙර සූදානමකින් තොරව හදිසියේම පැමිණි ජනාධිපතිතුමාව එම ජනතාව විසින් මහත් සතුටින් යුතුව පිළිගනු ලැබීය.   පවතින වියළි කාලගුණයත්…

වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජනපති නියමයෙන් වියළි ආහාර සලාකයක්

දිස්ති‍්‍රක්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ. ඒ අනුව මෙම වියළි ආහාර සලාකය එම ජනතාවට කඩිනමින් ලබාදීමට මේ වන විට අදාළ අංශවලට උපදෙස් දී ඇත. තවද වියළි කාලගුණය පවතින ප‍්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීමටත්,…

ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල

ජාතික පිච්ච මල් පූජාව වෙනුවෙන් ඊයේ (29) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.   පළමුව ඓතිහාසික ජය ශ්‍රී  මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතවූ ජනාධිපතිතුමා රුවන්වැලි සෑය අභියස පැවති ආගමික වතාවත් සඳහා ද එක් විය.   අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්…

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රසාද් කාරියවසම් මහතා පත් කර තිබේ. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඇසළ වීරකෝන් මහතා සංචාරක සංවර්ධන සහ කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කොට ඇත.  

දක්ෂ සුපවේදීන් කරළියට ගෙන එන Culinary Art Food Expo 2017 ප‍්‍රදර්ශනය සහ තරගාවලිය ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

සුපවේදින්ගේ නිර්මාණ දක්ෂතා ඇගයෙන Culinary Art Food Expo 2017 ප‍්‍රදර්ශනය සහ තරගාවලිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී ආරම්භ කෙරිනි. 17 වැනි වරටත් ශී‍්‍ර ලංකා සුපවේදී සංසදය මගින් සංවිධානය කරනු ලබන මෙම ප‍්‍රදර්ශනය අද සිට 30 වනදා දක්වා පැවැත්වෙයි. දිවයින පුරා විසිර සිටින දක්ෂ සුපවේදීන්ට, ජාත්‍යන්තර මට්ටමේ…

කොරියානු පාර්ලිමේන්තු නියෝජිතයන් ජනපති හමුවෙයි

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ලබාදීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය පරිත්‍යාග කරන ජල බවුසර් 08 ක් ඇතුළු සහනාධාර ශ‍්‍රී ලංකා රජයට භාරදීම අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය. දෙරට අතර හතළිස් වසරක තානාපති සබඳතා සමරමින් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ නායක හොන්ග් මූන් ජොන්ග් (Hong Moon – jong) සහ යූ කී ජූන්…

NEW