Month: January 2018

ජනපති අම්පාර හා මඩකලපුව ප‍්‍රදේශයේ ජනහමු රැසකට එක්වෙයි – ජනතාවගෙන් ජනපතිට ඉහළ ප‍්‍රතිචාරයක්

පශ්චාත් යුද සමයක වගකීම් නිසි ලෙස ඉටු නොවීම නිසා යුද්ධය අවසන් වූවත් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය නොවූ බව ජනාධිපතිතුමා පවසයි. තමන් අද උරදී සිටින්නේ අතපසු වූ එම සංහිඳියා වැඩපිළිවෙළ රටේ සියලු ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට බව ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (31) පස්වරුවේ සමන්තුරේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. යුද්ධය…

අශෝක වඩිගමංගාව මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පුත්තලම දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරේ

වයඹ පළාත් සභාවේ සිටින ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙකු වන අශෝක වඩිගමංගාව මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කර තිබේ. ඒ මහතා අද (31)  ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.    

සංහිඳියාව ගොඩනැඟුණු රටක් පිළිබඳ තම සිහිනය ඉටුකර ගැනීමට  දිවි හිමියෙන් කැපවන බව ජනපති අවධාරණය කරයි.

ජාති, ආගම් බේදයකින් තොරව සියලු ජනතාව සාමයෙන්, සමගියෙන් සහ සංහිඳියාවෙන් ජීවත්වන සමාජයක් ස්ථීර වශයෙන්ම රට තුළ ගොඩනැගිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. එය තමාගේ ද සිහිනය බව පැවසූ ජනාධිපතිතුමා එම සිහිනය ඉටුකර ගැනීම සඳහා රටට ආදරය කරන සියලු ජනතාව ඒකරාශී කරගනිමින් දිවි හිමියෙන් කැපවන බව ද අවධාරණය කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය…

ජනපති සුරතින් කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඬුව තැන්පත් කිරීම

කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (30) රාත්‍රියේ දී සිදුවිය. කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව පංචතූර්ය වාදන හා පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කළේය. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය…

තනි පවුලක් විසින් නැවත ආණ්ඩුවක් සෑදීමට ගන්නා උත්සාහයට රටේ ජනතාවගෙන් ඉඩක් නොලැබෙන බව ජනාධිපතිතුමා පවසයි.

ජාතික දේශපාලන අරමුණක් හෝ රටේ අනාගතය පිළිබඳ දැක්මක් හෝ ප‍්‍රතිපත්තියක් නොමැතිව පක්ෂයක් පිහිටුවාගෙන තනි පවුලක් විසින් නැවත ආණ්ඩුවක් සෑදීමට ගන්නා උත්සාහයට මේ රටේ ජනතාවගෙන් ඉඩක් නොලැබෙන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (30) පස්වරුවේ කටුනායක ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. 2015 ජනවාරී 08 වනදා පැවති රජය ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූයේ…

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු වශයෙන්  නීතිඥ සම්පත් සුජීව රුවන්පුර මහතා පත්කෙරේ 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු වශයෙන් නීතිඥ සම්පත් සුජීව රුවන්පුර මහතා පත්කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ඒ මහතා විසින් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ලබාගත්තේය. 2015 වසරේදී රත්ගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළ සම්පත් සුජීව රුවන්පුර මහතා 2000 වසරේ සිට මේ දක්වා…

ජනපති හා ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් 

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබාදෙන අධාර සහ එමගින් කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක වන වයඹ ඇළ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන අතර, ඉදිරියට…

ති‍්‍රවිධ හමුදාවේ ශ‍්‍රම දායකත්වයෙන් සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන් 

ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ‍්‍රම දායකත්වයෙන් සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. විශාල මහජන මුදල් ප‍්‍රමාණයක් ඉතිරිකර දෙමින් සහ ඉතා කාර්යක්ෂමව සංවර්ධන වැඩපිළිවෙළේදී ති‍්‍රවිධ හමුදාව ප‍්‍රමුඛ සිවිල් ආරක්ෂක බළකාය ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව සිය ස්තූතිය ඔවුන්…

රට බෙදීමට හෝ රට විකිණීමට සැලසුම් සකස් කළේ වත්මන් යුගයේ නොවන බව ජනපති පවසයි.

රට බෙදන සහ රට විකුණන බවට අද චෝදනා නගන්නේ ඉතිහාසයේ මේ රට පාලනය කළ කිසිදු රජකෙනෙක් හෝ ජනාධිපතිවරයෙක් සිදු නොකළ අන්දමින් රටේම කොටසක් සින්නක්කරව විදේශ රටකට පවරාදීමට සැලසුම් සකස්කළ අය වීම කනගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පවසයි. කොළඹ වරාය නගරයට අක්කර 240 ක් සින්නක්කරව චීනයට පවරාදීමට සැලසුම් සකස්කළ අන්දම සහ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි අක්කර…

දූෂිතයින්ට නොකිලිටි දේශපාලන ගමනක් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනපති පවසයි.

සොරුන් රැකගැනීම සහ සොරුන් නිදහස් කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේම පිරිසක් විසින් පිහිටුවාගත් පක්ෂයට කිසිදා නොකිලිටි දේශපාලන ගමනක් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් 96 දෙනාටම තමා සමග එක පෙළට සිට ගන්නට පැමිණෙන්නැයි තමන් ඇරයුම් කළේ තම දේශපාලන ප‍්‍රතිපත්තිය සමග ඇතැමුන්ට…

NEW