Month: February 2018

දේශීය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම 100 ක  පුළුල් වැඩපිළිවෙළක් 

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට, මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි. ජාතික ආර්ථික සභාව මඟින් ආර්ථික පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන අතර, ඒ් පිළිබඳ රාජ්‍ය බැංකු…

සාමය සහ සංහිඳියාවට එරෙහිව ඇති අභියෝග ජයගැනීමට සියලුදෙනා  එක්විය යුතු බව ජනපති පවසයි.

සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය එළිදැක්වේ  සාමය සහ සංහිඳියාවට එරෙහිව ඇති අභියෝග ජයගැනීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. සංහිඳියාව යනු ආධ්‍යාත්මික දර්ශනයක් බව පෙන්වාදුන් ජනාධිපතිතුමා අධ්‍යාත්මය සුවපත් නොවූ සමාජයක් තුළ එය ජයග‍්‍රහණය කරවීම අභියෝගකාරී වුව ද විවිධ ක්ෂේත‍්‍රයන් ඔස්සේ ඒ සඳහා උරදීම සියලුදෙනාගේ වගකීමක් බව ද පෙන්වා දුන්නේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා…

“ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017” ජනපති ප‍්‍රධානත්වයෙන්

දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන “ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල 2017” ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් 08 දනෙකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මේ අතර දේශීය කොන්ත‍්‍රාත්කරුවන් විසින් විදේශීය…

වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙස ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්

වැලිකන්ද සහ දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප‍්‍රතිලාභීන් 636 කගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 29 ක් වටිනා උපකරණ  වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර, ඉදිරි වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ ගොවි ජනතාවට අපහසුතාවයකින්…

ජෝන් ද සිල්වා සමරු රඟහලේ නවීකරණ කටයුතු කඩිනම් කරන ලෙස ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස් 

වේදිකා නාට්‍ය ඇතුළුව ප‍්‍රාසාංගික කලා නිර්මාණ, සාධාරණ මිල ගණන් යටතේ වේදිකාගත කිරීම සඳහා ශාලා පහසුකම් ලබාගත හැකිව තිබූ කොළඹ අගනගරයේ පිහිටි ජෝන් ද සිල්වා සමරු රඟහල කලාකරුවන්ගේ සහ පේ‍්‍රක්ෂක ජනතාවගේ අවශ්‍යතා අනුව අනාගතය සඳහා සුදුසු අන්දමින්, කඩිනමින් නවීකරණය කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. මෙම රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට සූදානමක් පවතින බවට පසුගියදා…

ඌනා මැකෝලි මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ ශෝක සටහනක් 

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික සම්බන්ධීකාරක මෙන්ම එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලි මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිතුමා විශේෂ ශෝක සටහනක් තබයි. අද (25) දහවල් කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග‍්‍රන්ථයේ ශෝක සටහනක් තබමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ දැක්ම පිළිබඳ මනා අවබෝධයෙන්…

නව අමාත්‍යවරු  ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ. ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍යවරු 01- අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා    –        නීතිය…

“නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන” ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනපති එක්වෙයි

කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීණ ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් “නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන” සමගින් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත උපහාර පිදීමේ උළෙල අද (24) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය. මහාචාර්ය සංගීත…

ඌනා මැකෝලි මහත්මියගේ අභාවය පිළිබඳ ජනපති  සිය ශෝකය පළ කරයි 

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික සම්බන්ධීකාරක මෙන්ම එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලි මහත්මියගේ අභාවය පිළිබඳ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සිය බලවත් ශෝකය පළ කරයි. එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා වෙත විශේෂ ශෝක පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිතුමා සඳහන් කරන්නේ ඌනා මැකෝලි මහත්මිය එක්සත් ජාතින්ගේ සංවිධානයේ දැක්ම පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව…

NEW