Month: March 2018

තරුණ පරපුරට යහපත් රටක් ගොඩනගාදීමට සියලු දෙනා සාමූහිකත්වයෙන් වගකීම් ඉටුකළයුතු බව ජනපති අවධාරණය කරයි.

රටේ තරුණ පරපුරට යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනගාදීමට සියලු දෙනා සාමූහිකත්වයෙන් වගකීම් ඉටුකළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (31) පස්වරුවේ නිකවැරටිය පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති ‘ජාතික යොවුන් පුරය 2018’ සමාප්ති උත්සවය අමතමිනි. ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව වාර්ෂිකව…

බෝ නොවන රෝග පිළිබඳව සාර්ක් රටවල ප‍්‍රථම වාර්ෂික සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

බෝ නොවන රෝග පිළිබඳව සාර්ක් රටවල ප‍්‍රථම වාර්ෂික සමුළුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ කෙරිණි. බෝ නොවන රෝග අවම කිරීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග, ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම, සාර්ක් රටවල් අත්දැකීම් හුවමාරු කර ගැනීම වැනි කි‍්‍රයාමාර්ග කෙරෙහි මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙන අතර සමුළුව අද සහ හෙට දෙදින…

ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවේදී සියලුදෙනාට සමාජ සාධාරණත්වය  ඉටුවිය යුතු බව ජනපති අවධාරණය කරයි.

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවේදී දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලුදෙනාට සමාජ සාධාරණත්වය ඉටුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. එය ජනතාව වෙත කි‍්‍රයාත්මක වන්නේ රුපියල් ශතවලට මුල්තැන දෙමින් සහ දූෂිත සහ වෙනත් අවිනීත අන්දමින් නම් රජයක් ලෙස ඉඩම් පිළිබඳ කුමන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළද පළක් නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ…

රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභා සුහදතාවයෙන් හා එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි.

රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභා සුහදතාවයෙන් හා එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කරයි. අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳ මෙම ආයතන දෙක අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවුවහොත් ඉන් පීඩාවට පත්වන්නේ ප‍්‍රතිලාභ ලබන ජනතාව බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (30) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ…

අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ති‍්‍රක් කම්කරු කාර්යාලය ජනපති අතින් විවෘත කෙරේ 

අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ති‍්‍රක් කම්කරු කාර්යාලය අද (30) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණි. අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත මෙම තෙමහල් කම්කරු කාර්යාලය පොළොන්නරුව කදුරුවෙල නගරයේ ස්ථාපිත කර තිබෙන අතර, වැය කර ඇති මුදල රුපියල් මිලියන 158කි. පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ විවිධ ආයතන 3,000 කට ආසන්න ප‍්‍රමාණයක, සේවක සේවිකාවන් 50,000කට පමණ මෙම…

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ මතුවී ඇති අභියෝග සහ යෝජිත කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන් 

ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය ගල්, වැලි සහ පස් ලබාගැනීමේ බලපත‍්‍ර එකම ස්ථානයකින් නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ මතුවී ඇති අභියෝග සහ යෝජිත කි‍්‍රයාමාර්ග පිළිබඳ අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. ගල්, වැලි සහ පස් සඳහා බලපත‍්‍ර…

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු 1053 ක් ප‍්‍රදානය හෙට ජනපති ප‍්‍රධානත්වයෙන් 

දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්ති විඳින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදෙමින් දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් බෙදාදීමේ වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (30) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ. තමන්කඩුව, ලංකාපුර,…

ජනපති ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ කටයුතු අධීක්ෂණය කරයි 

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. විෂය භාර අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළ අතර, අමාත්‍යාංශයේ පසුගිය කි‍්‍රයාකාරකම් සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද විමසා බැලීය. පසුගිය තෙවසර තුළ අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කරන ලද ජාතික වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි…

ජනපති රුසියානු තානාපති කාර්යාලයට

රුසියාවේ, කෙමෙරෝවොහි විනෝද වෙළෙඳ සංකීර්ණයක් තුළ ඇති වූ ගින්නකින් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් රැසකගේ ජීවිත අහිමිවීමේ ඛේදවාචකය පිළිබඳ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කරයි. අද (28) පස්වරුවේ කොළඹ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග‍්‍රන්ථයේ රුසියානු ජනාධිපති ව්ලැඩ්ර්මිර් පුටින් මහතා වෙත විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ…

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස කේ.ටී. චිත්‍රසිරි මහතා  දිවුරුම් දෙයි

  වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.   ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.  ” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]

NEW