Month: May 2018

රටේ සෑම ක්ෂේත‍්‍රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට කටයුතු කරන බව ජනපති පවසයි.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතුළු රටේ සෑම ක්ෂේත‍්‍රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (31) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුව අමතමිනි. රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් ඉතා කීර්තිමත් වෘත්තිකයින් පිරිසක්…

අධිකරණ ක්ෂේත‍්‍රයේ කිසිවෙකු දේශපාලනඥයින් පසුපස යන පසුබිමක් රට තුළ නිර්මාණය නොවිය යුතු බව ජනපති අවධාරණය කරයි.

නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ප‍්‍රතිපත්තිය තුළ අධිකරණ ක්ෂේත‍්‍රයේ කිසිවෙකු දේශපාලනඥයින් පසුපස යන පසුබිමක් නිර්මාණයවීම කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක්වෙමිනි. අධිකරණ ක්ෂේත‍්‍රයේ පමණක් නොව සියලු ක්ෂේත‍්‍රවල කටයුතු කරන පිරිස් වෙත තෘප්තිමත් මනසකින් සහ නිදහස් පරිසරයක්…

මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු දොළොස්දහසක් ප‍්‍රදානය කිරීමේ “රන් දියවර” ඔප්පු ප‍්‍රදානෝ්ත්සවය හෙට ජනපති ප‍්‍රධානත්වයෙන් අරලගංවිලදී

ආහාර සුරක්ෂිතතාවයෙන් හෙබි සමෘද්ධිමත් සංවර්ධිත රටක් උදෙසා දැවැන්ත කැපකිරීමක් සිදුකරන ශ‍්‍රී ලංකාවේ ගොවි විරු පරපුරට අභිමානවත්ව නැගී සිටිය හැකි හෙට දවසක් උදාකරමින් සිය වගාබිම් හා පදිංචි ඉඩම් සඳහා සින්නක්කර උරුමය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගනු ලැබූ තීරණය තවදුරටත් යථාර්තයක් කරමින් මහවැලි බී, සී හා රඹකැන්ඔය කලාපයේ ඉඩම්ලාභීන් සඳහා ඉඩම් ඔප්පු 12,000 ක් ප‍්‍රදානය…

ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට පළඳවයි 

අදට (31) යෙදී ඇති ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. ”දුම්වැටි උවදුර වනසා දරිද්‍රතාවය අවම කර, සංවර්ධනය ප‍්‍රවර්ධනය කරමු” තේමාව යටතේ අද සිට ජූනි මස 30 දක්වා මෙවර කොඩි වැඩසටහන දිවයින පුරා…

දේශීය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය සංවර්ධන වැඩපිළිවෙළට බාධාවක් වී ඇති බව ජනපති පවසයි.

දේශීය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය සංවර්ධන වැඩපිළිවෙළට මහත් බාධාවක් බවට පත්ව තිබෙන බව ජනාධිපතිතුමා පවසයි. උගතුන් සහ බුද්ධිමතුන් මවුබිම හැරදා විදෙස්ගත වීම මෙයට හේතුවක් වන අතර, මාතෘභූමිය වෙනුවෙන් වූ ඔවුන්ගේ වගකීම් පිළිබඳ අද දවසේ නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඉංජිනේරුමය…

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සැමරුම් උළෙලට ජනපති එක්වෙයි

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දිනය සමරමින් අද (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.   කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු ද සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද මෙම සැමරුම් උළෙලට එක්ව සිටියහ.   අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දින…

එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටු නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි

සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිත පිරිසක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිිරිසේන මැතිතුමා හමුවිය. නියෝජිත පිරිස එම කමිටුවේ සභාපති McClellen Thornberry, Enrique Cuellar, Vicky Hartzler, Carol Shea-Porter යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය. ශ‍්‍රී ලංකාව ලෝකයේ සියලු රටවල් සමග සහයෝගයෙන් සහ මිත‍්‍රශීලීත්වයෙන් කටයුතු කරන රටක් බව මෙහිදී සඳහන් කළ…

ජනපති සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 38 වන දම් සභාව ජනපති සහභාගිත්වයෙන් පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේදී

ජනපති සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ අධි පොසොන් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද(29) පෙරවරුවේ කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. ජනපති සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 38 වන දම් සභාව මෙය වන අතර, පට්ඨාන ධර්ම සභාවේ ගරු අනුශාසක යක්කල බෝගමුව බෝධි ග‍්‍රාම භාවනා මධ්‍යස්ථානාධිපති…

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ  නිල ලාංඡනය හා වෙබ් අඩවිය එළිදැක්වීම ජනපති ප‍්‍රධානත්වයෙන්

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ (ඔම්බුඩ්ස්මන්) නිල ලාංඡනය හා වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. 1981 වර්ෂයේදී ආරම්භ කළ ඔම්බුඩ්ස්මන් කාර්යාලය පිහිටුවා වසර 37 ක කාලයක් මහජනතාව වෙනුවෙන් සිය රාජකාරී ඉටුකරමින් පැවතිය ද, නිල ලාංඡනයක් සහ නිල වෙබ් අඩවියක් එම ආයතනය සතුව නොතිබිණි. එම අඩුව…

දකුණු පළාත තුළ ව්‍යාප්ත වෛරස් උණ රෝගය පාලනය සහ ප‍්‍රතිකාර වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජනපති හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට

මුදල් ප‍්‍රතිපාදන ගැටලුවක් කර නොගෙන රෝගීන්ගේ ප‍්‍රතිකාර කටයුතු සහ රෝග ව්‍යාප්තිය පාලනයට පියවර ගන්නා ලෙස ජනපතිගෙන් සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් පසුගිය දිනවල දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් උණ රෝගය පාලනය සහ ප‍්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (28) පස්වරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගියේය. එහිදී අදාළ නිලධාරින්…

NEW