Month: October 2018

ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හමු වෙයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් අද (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා මෙහි දී සංවිධායකවරුන් දැනුවත් කළ අතර, නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳව ද පැහැදිලි කළේ ය. නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහය ලබාදීමට මෙහිදී…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ජනපති හමු වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer)  මහත්මිය අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළ අතර, රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද…

දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස  දිවුරුම් දෙයි 

දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]

අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ 

කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ. ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 01- හේමසිරි ප‍්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යාංශය 02- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය 03- ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ…

රාජ්‍ය ආයතන තුළ සාමය කඩවීමට ඉඩ නොතබන්නැයි ජනපති වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙස ජනාධිපතිතුමා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ය. පසුගිය දිනවල රාජ්‍ය ආයතන කිහිපයක් තුළ…

ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්

ශ‍්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. නව අග‍්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූ ඉකුත් රජයේ පැවති ගැටලු සහගත තත්ත්වය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා එම තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළේය. විදෙස් තානාපතිවරුන් කිහිප…

නව අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

නව කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. එම නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍යවරු 01- ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය 02- නිමල් සිරිපාල ද සිල්වා මහතා – ප‍්‍රවාහන හා…

හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනපති පවසයි.

නව රජය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේ දී පැවති ජාතික වප් මඟුල් උත්සවය අමතමිනි. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන නායකත්වයක් සහ මඟපෙන්වීමක් නොමැතිකමින් අද පළාත් සභා…

ජනපති සහ අගමැති තිස්සමහාරාම විහාරස්ථානයේ  ආගමික වතාවත්වල 

ජාතික වප් මඟුල් උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේ දී පැවැත්වුණු අතර ඊට එක්වීමට පෙර ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිස්සමහාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙහි දී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත…

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ  විශේෂ ප‍්‍රකාශය – 2018-10-28

ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු සහ ඊට පසුබිම් වූ බොහෝ කරුණු කාරණ සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක්…

NEW