Month: June 2019

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව හෙට ජනපති ප්‍රධානත්වයෙන්

මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 වන දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය අදයි. මෙහි ප්‍රධාන සමුළුව හෙට (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන්නේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. ජූනි 26 වන දාට යෙදුණු…

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ හය වන දිනය අදයි

අද දිනයේ ද දීපව්‍යාප්තව වැඩසටහන් රැසක්  දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරෙන් ජාතිය ගලවා ගැනීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී පියවරක් ලෙස ජූනි 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ක්‍රියාවට නැංවිණි. එහි හය වන දිනය වන අද දින ද දීප ව්‍යාප්තව…

ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේ දී සිදුවන දූෂණ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල ගැටලුවක් බව ජනපති පවසයි.

ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඉන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයට වඩා විශාල මුදලක් අක්‍රමිකතාවයට ලක්වීම බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මනම්පිටිය ග්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (28) පස්වරුවේ එක් වෙමිනි. මනම්පිටිය…

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස්වන දිනයත් සාර්ථකව

ජූනි 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස් වන දිනය අදයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් අද දිනය පුරා සාර්ථකව දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි. පොල්ගහවෙල පොලිස් කොට්ඨාසය තුළ මතට…

සාමකාමී සහ විනයගරුක රටක් ගොඩනැඟීමට දැයේ සියලු දරුවන්ට  හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතු බව ජනපති පවසයි.

සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැඟීමට දැයේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, තඹාල අල් හිලාල් මුස්ලිම් විද්‍යාලයේ නව තෙමහල් විද්‍යාගාර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදිමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි. රට තුළ ජාතින් වශයෙන් බෙදී වෙන්වී…

ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනපති පවසයි.

පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා මේ වන විට අත්සන් තබා…

තම දිස්ත්‍රික්කයේ සංවර්ධනයට කැපවීම එම දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු අමාත්‍යවරුන්ගේ වගකීම බව ජනපති පවසයි.

තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයට අසාධාරණයක් සිදු නොකර තමන්ට ලැබෙන ප්‍රතිපාදනවලින් එම දිස්ත්‍රික්කයට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කැපවීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (27) පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි. ප්‍රාදේශීය දේශපාලන නායකයන් ක්ෂේත්‍ර නිලධාරින් සමග…

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සිව්වන දිනය වන අද දින ආරක්ෂක අංශවල දායකත්වයෙන් දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් 

මතින් නිදහස් රටක් ගොඩනැඟීමේ අරමුණ පෙරදැරිව මත්ද්‍රව්‍ය විරෝධි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සිව් වන දිනය වන අද දින ආරක්ෂක අංශවල දායකත්වයෙන් දීප ව්‍යාප්තව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ කාල රාමු ප්‍රකාශයට පත් කිරීමේ නැගෙනහිර පළාත් වැඩසටහන අද (27) පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්…

සමෘද්ධිමත් මෙන්ම යහපත් රටක් ගොඩනැඟීමේ කාර්යයේ දී මත්ද්‍රව්‍යවලට එරෙහි ප්‍රබල සටනක් අවශ්‍ය බව ජනපති පවසයි.

ජනතාව අතර දිළිඳුභාවය ඉහළයාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී තිබෙන අතර, සමෘද්ධිමත් මෙන්ම යහපත් රටක් ගොඩනැඟීමේ කාර්යයේ දී මත්ද්‍රව්‍යවලට එරෙහි ප්‍රබල සටනක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ තමා මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයේ නව දෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ජනපති එක් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ රැය පහන්වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය විවෘත…

NEW