Day: November 5, 2019

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි.

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත හා විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ශ්‍රී ලාංකීය භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන් රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ගරු ජනාධිපතිතුමා විසින් 2019 පෙබරවාරි මස 07 වෙනිදා අංක 2109/13 දරන…

කඩවත මහමායා විද්‍යාලයේ දැරියන්ට ජනපති දුන් පොරොන්දුව ඉටු වෙයි.

මහර, කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ඉදිකෙරුණු ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ සිදු විය. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය. අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද දක්ෂතා රැසක් පෙන්වා ඇති කඩවත මහමායා විද්‍යාලයේ පැවති දීර්ඝකාලීන…

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයෙන් ජනපතිට උපහාර 

කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් හිමිකරදීම ඇතුළු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉකුත් පස් වසර පුරා ගෙන ගිය සුවිශේෂි වැඩපිළිවෙළ උදෙසා ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයෙන් ජනපතිට උපහාර පුද කෙරේ. ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සිය උපහාරය පුද කරමින් සංවිධානය කළ විශේෂ හමුවක් ඊයේ (04) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. ඉකුත් පස් වසර…

NEW