Archives

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ජනපතිගෙන් සුබපැතුම් ….

ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ මෙම ඓතිහාසික ජයග‍්‍රහණය නරේන්ද්‍ර මෝදි මහතා ගෙන ගිය ප‍්‍රතිපත්ති පිළිබඳ ඉන්දීය ජනතාව තැබු විශ්වාසය නැවත තහවුරු කිරීමක් බවයි. එමෙන්ම මෙම ජයග‍්‍රහණය…

වෙසක් සඳ දෙස බලා­ගෙන ලියා තබමි!

දස දෙස වෙසඟ සඳ මුදු රැස් ගලන         පැයේ ඇස ඇස නැඟෙන සැනසුම අපමණය         පියේ අසදිස අසමසම අසරණ සරණ                  පියේ පිසලනු මැනවි මේ ගනඳුර වැසුණු             දැයේ   පාස්කු ඉරිදා දසත විහිදී ගිය ත්‍රස්තවාදයේ අඳුරත් භීෂණත්වයේ චණ්ඩ මාරුතයත්,…

තිස් වසරක යුද ජයග‍්‍රහණයේ සත්‍ය මෙන්ම අභිමානවත් කතාව මතු පරපුරට මෙන්ම ලෝකයට ද කියැවීමට ඉඩ සැලසිය යුතු බව ජනපති පවසයි.

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග‍්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පවසයි. එම කියැවීම තුළ රටට ආදරය කරන සහ දේශාභිමානයෙන් පිරි අනාගත පරපුරක් රට තුළ නිර්මාණය වනවා මෙන්ම තිස් වසරක යුද්ධයේ සත්‍ය කතාව, එහි පසුබිම සහ…

ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය පිළිබඳව ඉදිරියේ දී  දැඩි නීති රීති

ඉදිරියේ දී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමටත්, එම මුද්‍රාවෙන් තොරව රන්භාණ්ඩ අලෙවිකරණ ස්වර්ණාභරණ අලෙවිසල් වැටලීම් සිදු කොට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් අවධානය යොමු වෙයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි. විෂයභාර…

ප්‍රභූ වාහන ගමන් කිරීමේ දී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොතබන ලෙස ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස් 

ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබේ. ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කළේය. ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ සැලකිල්ලට…

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂ ප්‍රදානයක් වන අතර, එය යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට…

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය සහ කැපවීම මත මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනපති පවසයි.

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනාධිපතිතුමා පවසයි.අද දවසේ රටට මුහුණදීමට සිදුව තිබෙන ත‍්‍රස්ත අභියෝගය ද ශ‍්‍රී ලංකාවෙන් මුළුමනින්ම අතුගා දමා රට තුළ ස්ථීරසාර සාමයක් ස්ථාපිත කිරීමට අපගේ වීරෝදාර රණවිරුවන්ට හැකියාව තිබෙන බව සේනාධිනායකයා ලෙස තමා දැඩිව විශ්වාස කරන බව ජනාධිපතිතුමා කියා සිටියේ අද (19) පස්වරුවේ පැවති ‘රණවිරු…

බන්ධනාගාර රැඳවියෙකු වූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා ජනාධිපතිගෙන් කළ ඉල්ලීම ඉටු වෙයි. 

බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද  අපේක්ෂාවෙන් සිටි. වෙසෙක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව ලබාදීමේ අවස්ථාවට එක්වීම වෙනුවෙන් අද බන්ධාගාර…

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු එක් වෙයි. අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනපති පවසයි. අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන්…

NEW