Category: Articles

තිස් වසරක යුද ජයග‍්‍රහණයේ සත්‍ය මෙන්ම අභිමානවත් කතාව මතු පරපුරට මෙන්ම ලෝකයට ද කියැවීමට ඉඩ සැලසිය යුතු බව ජනපති පවසයි.

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග‍්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පවසයි. එම කියැවීම තුළ රටට ආදරය කරන සහ දේශාභිමානයෙන් පිරි අනාගත පරපුරක් රට තුළ නිර්මාණය වනවා මෙන්ම තිස් වසරක යුද්ධයේ සත්‍ය කතාව, එහි පසුබිම සහ…

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු එක් වෙයි. අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනපති පවසයි. අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන්…

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම හෙට සිදු කෙරේ. සිරකරුවන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවය වෙසක් පොහොය යෙදී ඇති හෙට පෙ.ව 10.00ට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ දී පැවැත් වේ. සුළු වැරදි සඳහා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 762කට මෙලෙස නිදහස හිමි වන අතර සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26ක්…

ජාතීන් වශයෙන් බෙදී වෙන් වී ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනිමට ඉඩ නොතබන ලෙස ජනපති සියලුදෙනාගෙන් ඉල්ලයි.

ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි. රට කැඞීමේ ත‍්‍රස්ත අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියේ අද (17) පස්වරුවේ ගාල්ල, හික්කඩුව, තොටගමුව පුරාණ රත්පත් රාජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවය අමතමිනි. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන්…

ජනපති සහ චීන අගමැති හමු වෙයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ චීන අග‍්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Keqiang) මහතා අතර හමුවක් අද (15) පස්වරුවේ බීජිං නුවර දී පැවැත්විණි. ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ සිය කනගාටුව පළ කළ චීන අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකා – චීන ජනාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවේ දී එකඟ වූ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ප‍්‍රකාශ කළේ එම…

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපති ෂී ජින්පින් මහතා ජනපතිට සහතික වෙයි.

ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් චීනයෙන් ශ‍්‍රී ලංකාවට රුපියල් කෝටි 260ක පරිත්‍යාගයක් ජනපතිගේ ඉල්ලීම පරිදි චීනයේ විශේෂ පරිත්‍යාගයක් ලෙස රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගිතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමක් ත‍්‍රස්තවාදය සහ අන්තර්ජාල අපරාධ මැඩලීමට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ මෙන්ම දැනුම ශ‍්‍රී ලංකාවට ලබාදීමට…

ත‍්‍රස්තවාදය විනාශ කර යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරනවා – ජනපති

ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. එහිදී ආරක්ෂක අංශ විශිෂ්ට මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර ත‍්‍රස්තවාදය නිමාකර සාමකාමී රටක් ගොඩනැඟීමේ ගෞරවය ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියලුදෙනාට හිමිවන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. එමෙන්ම අපේ‍්‍රල් 21 වනදා සිදුවීමට වගඋත්තරකරුවන්…

බෙදී වෙන් නොවී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට කැප වෙමු. ජනපති මහනුවර දී කියයි.

ජාති, ආගම් හා දේශපාලන වශයෙන් බෙදී වෙන් නොවී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට සියලුදෙනා එකට එක්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. දේශපාලන වශයෙන් එකිනෙකා ව්වේචනය කරමින් සහ ජාතිවාදය වපුරමින් බෙදී වෙන් වන විට ශක්තිමත් වන්නේ ත‍්‍රස්තවාදින් බව අමතක නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ මධ්‍යම පළාතේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන්…

ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානය ජනපතිගේ නිරික්ෂණයට

ඉකුත් අපේ‍්‍රල් 21 වනදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානයේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (08) පස්වරුවේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. දේවස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි ප‍්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් පියතුමා ඇතුළු පියතුමන්ලා විසින් පිළිගනු ලැබීය. ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් විනාශයට පත් වූ දේවස්ථානය සියැසින් දැකබලා ගත් ජනාධිපතිතුමා නැගෙනහිර ආඥාපතිවරයා…

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙරටට පැමිණිමේදී සංචාරකයන්ට පනවා ඇති බාධාවන් ඉවත් කරන ලෙස ජනපති තානාපතිවරුන්ගෙන් ඉල්ලයි.

ම්ලේච්ඡ ත්‍රස්තවාදී අත්දැකීමට මුහුණදීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් සමඟ ඉදිරි දින කිහිපය තුළ දී ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් වනු ඇති බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු විදෙස් සංවිධාන නියෝජිතයන් සමඟ…

NEW