Category: National Chronic Kidney Prevention Programme

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ – මුල්ගල් තැබීම ජනපති ප‍්‍රධානත්වයෙන් ජූලි මසදී

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි. ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජනක ශී‍්‍ර චන්ද්‍රගුප්ත මහතා සහ චීන රජය වෙනුවෙන් චීන…

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගයා ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිතුමා විශේෂ සම්මානයකින් පුදනු ලබයි. අද (19) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි මහාචාර්ය Adeera Levin මහත්මිය අතින් එය පිරිනැමිණි. මෙහිදී අදහස්…

‘වකුගඩු සටන’ කෘතිය ජනපතිට පිළිගන්වයි 

වෛද්‍ය චන්දන ජයසුමන මහතා විසින් රචිත ‘වකුගඩු සටන’ කෘතිය යුද හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා විසින් අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විය.

විෂ සහිත කෘමි නාශක සඳහා විකල්ප ප‍්‍රභවයන් හඳුනා ගැනීමට විද්‍යාඥයින්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනපති පවසයි.

ජනතාවගේ සෞඛ්‍යයට ප‍්‍රබල තර්ජනයක් එල්ල කෙරෙන විෂ සහිත කෘමිනාශක සහ වල්නාශක සඳහා විකල්ප ප‍්‍රභවයන් හඳුනා ගැනීමට විද්‍යාඥයින්ගේ සහ තාක්ෂණවේදින්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (07) පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති 2016 විද්‍යා හා තාක්ෂණ සමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි. කෘමි නාශක සහ…

වකුගඩු රෝගයට ගොදුරුවීම නිසා අසරණ වූ ස්ථීර නිවසක් නොමැති පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්

වකුගඩු රෝගයට ගොදුරුවීම නිසා අසරණ වූ, ස්ථීර නිවසක් නොමැති පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ආරම්භ කිරීමට අවධානය යොමු වෙයි. වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන පිළිබඳ ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි. අද රටටම තර්ජනයක් වී ඇති වකගඩු රෝගය නිවාරණය වෙනුවෙන් රජය…

ලෝක කුසලානය දිනා විසි වසරක් සපිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ලෝක කුසලානය දිනා වසර 20 ක් සපිරිම නිමිත්තෙන් සංවිධානය කර තිබූ විශේෂ ප්‍රදර්ශන ක්‍රිකට් තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) පස්වරුවේ එක්විය. කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති එම උත්සවයට සම්ප්‍රාප්ත වන අවස්ථාවේ පැරණි සහ නවක ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.…

වකුගඩු රෝග නිවාරණය පිළිබඳ සංක්ෂිප්ත වාර්තාව ජනපතිට භාර දෙයි

පරිසර සමාජයීය සහ සෞඛ්‍ය අංශ 03 යටතේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් සහ පර්යේෂකයින් සමග සාකච්ඡා කර සකස් කරන ලද වකුගඩු රෝග නිවාරණය පිළිබඳ සංක්ෂිප්ත වාර්තාව ජනපතිට භාර දෙයි. වකුගඩු රෝග නිවාරණය පිළිබඳ චීන විද්‍යා ඇකඩමිය හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විශේෂ වැඩමුළුවක් අද (15) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර එහි…

වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීම තම පරම අභිලාෂය යි – ජනපති

වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීම තම පරම අභිලාෂය බවත්, ඒ සඳහා අවබෝධයෙන්, එක්සත්ව හා එකමුතුව ක්‍රියා කිරීමට අප කැපවිය යුතුය බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදට (10) යෙදී ඇති වකුගඩු රෝග නිවාරණ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි. සොබාදහමේ විපත් මෙන්ම රෝ දුක් පැවතිය ද ඒවා නිශ්චිතව ජයගත හැකි මගක් අපට නැති නමුත් රෝගී…

වසරකට වකුගඩු රෝගීන් පන්දහසක්-වහාම වාර්තාවක් ලබා දෙන්න – ජනපති

වසරකට ලංකාවෙන් වකුගඩු රෝගීන් පන්දහසක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා විස රසායනික ද්‍රව්‍ය යෙදවීම, දියවැඩියා සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ප‍්‍රධාන වශයෙන් මීට ඉවහල් වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව තිබෙන අතර අදාළ තත්ත්වය පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබා…

NEW