Category: දේශන

මත්පැන් අලෙවියට අදාළව පසුගියදා නිකුත් කර තිබූ චක‍්‍රලේඛය හෙට සිට අවලංගු කිරීමට තමන් උපදෙස් දුන් බව ජනපති පවසයි.

මත්පැන් අලෙවි සැල් පෙ.ව 8.00 සිට රාති‍්‍ර 10.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙමින් හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම පිළිබඳ පනවා තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර ඇති චක‍්‍ර ලේඛය වහාම අවලංගු කිරීමට තමා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපතිතුමා පවසයි. ඒ අනුව හෙට සිට එම චක‍්‍ර ලේඛය අවලංගු කෙරෙනු ඇති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ…

තමා සැමදා ජනාධිපති ධුරයේ රැඳී සිටීමට පැමිණි අයෙකු නොවන බව ජනපති අවධාරණය කරයි.

තම නිල කාලය පිළිබඳ මත විමසුුමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ කිසිවෙකු කලබල විය යුතු නැති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත් ජනාධිපති ධුරයෙන් නික්ම යාමට තමා සූදානම් බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (12) පස්වරුවේ අකුරැස්ස ප‍්‍රදේශයේ පැවති…

ජනපති දියසෙන්පුර ජනහමුවේ

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දියසෙන්පුර අද(11) ජනහමුවක් පැවැත්විණ.    ජනාධිපතිතුමා පැමිණ සිටි ජනතාව ඇමතූ අයුරු.    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.    මැදිරිගිරිය, දියසෙන්පුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිතුමා කළ කතාව ( 2018-01-11) මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ දී දීර්ඝ කාලයක සිට හඳුනන ඔබ…

රටට ආදරය කරන විනයගරුක සහ සදාචාරවත් දේශපාලන ගමනක මංගල පියවර  මෙවර පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයත් සමග තබන බව ජනපති පවසයි.

මුදල් පසුම්බිය සොරාගෙන දුවන ගමන් හොරා විසින්ම අන්න හොරෙක්, අන්න හොරෙක් යැයි කෑ ගසනවා මෙන්ම අද දිනයේදී පාර්ලිමේන්තුවේ දෙපිරිසක් විසින් එකිනෙකාට හොරායැයි චෝදනා කරගත්ත ද සැබෑ සොරුන් කවුදැයි මේ රටේ ජනතාව දන්නා බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (10) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි. ශී‍්‍ර…

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය අනාගතයේදී සමෘද්ධිමත් රටක් ගොඩනඟන්නට ශක්තිමත් පදනමක් වනු ඇති බව ජනපති පවසයි.

මොරගහකන්ද ජලාශය ඒ. එන්. එස් කුලසිංහ මහතාගේ නමින් ප‍්‍රකාශයට පත් කෙරේ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිමවීමත් සමග මෙරට ගොවි සංස්කෘතියේ සුවිශේෂී පරිවර්තනයක් ඇතිවනවා සේම ජාතික ආර්ථිකයට ප‍්‍රබල ශක්තියක් සැපයෙන බව ජනාධිපතිතුමා පවසයි. අද ජනතා අයිතියට පැවරුණු මොරගහකන්ද ජලාශය මෙරට කීර්තිමත් ඉංජිනේරුවෙකු වූ ඒ. එන්. එස්. කුලසිංහ මහතා නමින් නම් කිරීමට ද ජනාධිපතිතුමා යෝජනා කරනු…

පළාත් පාලන ආයතනවලට පත්වන නව නියෝජිතයින්ට වංචා දූෂණ සඳහා ඉඩක් නොමැති බව ජනපති අවධාරණය කරයි.

එළැඹෙන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට පත්වන නව සභාපතිවරුන් සහ මන්තී‍්‍රවරුන් කුමන දේශපාලන පක්ෂයකට අයත් වුව ද වංචා, දූෂණ සහ ප‍්‍රචණ්ඩත්වය සඳහා ඔවුන්ට කිසිසේත් තමන්ගෙන් ඉඩක් නොලැබෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. එලෙස හැසිරෙන සියලු දෙනා වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කර ලබාදිය හැකි ඉහළම දඬුවම් ලබාදෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව…

යහපත් සමාජයක් ගොඩනැගීමේ පුළුල් වැඩසටහනක් නව පළාත් පාලන ආයතන කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාවට නංවන බව ජනපති පවසයි.

මෙතෙක් පළාත් පාලන ආයතන කි‍්‍රයාත්මක වූයේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා පමණක් වුවද, මෙවර පළාත් පාලන මැතිවරණයත් සමග මිනිසුන්ගේ ගුණවත්කම් සහ යහපත්කම් සංවර්ධනය කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමේ පුළුල් වැඩසටහනක් ඒ තුළ කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කිසිදු අපේක්ෂකයෙකුට කුමන පක්ෂයක් නියෝජනය කළද ඡන්දය ලබා නොදෙන ලෙස මෙහිදී ජනතාවට පැවසූ ජනාධිපතිතුමා රටට සහ මතු…

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනඟන බව ජනපති පවසයි.

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ ගමන මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ආරම්භ කර තිබෙන අතර, ඒකාන්තයෙන්ම ජයග‍්‍රහණය කරන එම වැඩපිළිවෙළ තුළින් අනාගතයේ ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනගන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ…

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව සිටින පක්ෂ 31 ක සහභාගීත්වයෙන් “නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත්කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්.

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේදී පක්ෂ, පාට, වර්ණ හෝ කිසිදු ඥාති සබඳතාවයක් නොසලකන බව ජනපති පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් “නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදුවිය. වංචාවෙන්…

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ජනවාරි මුල් සතියේ පත් කරන බව ජනපති පවසයි.

මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක් කළ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (24) පෙරවරුවේ කඩුවෙල සති පොළ භූමියේ පැවති ශී‍්‍ර ලංකා…

NEW