Category: දේශන

යහපත් සමාජයක් ගොඩනැඟිය හැක්කේ ගම සහ පන්සල අතර සබඳතාවය රැක ගැනීමෙන් බව ජනපති පවසයි.

විෂමාචාර පිළිබඳ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් සමාජයක් ගොඩනැඟිය හැක්කේ ගම සහ පන්සල අතර සබඳතාවය රැක ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලද ශාස්ත්‍රවේදී පූජ්‍ය ගල්ලෑල්ලේ අරියවංශ නායක ස්වාමින් වහන්සේ වෙත සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (03) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ…

හුණු, දුම්කොළ සහ පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටිය පිළිබඳ ඉල්ලීම ජනපති යළි සිහිගන්වයි.

මීට වසර 07 කට පෙර 2012 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හුණු, දුම්කොළ සහ පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටියක් මහා නායක හිමිවරුන්ට පූජා කරමින් තමන් මෙරට සඟ පරපුරෙන් කළ ඉල්ලීම නැවත වතාවක් සමස්ත ගෞරවනීය මහා සංඝරත්නය වෙත සිදු කරන බව ජනාධිපතිතුමා පවසයි. දුම්කොළ හා පුවක් ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් අද ශ්‍රී ලංකාව මුඛ පිළිකා පිළිබඳ…

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට තිස් වසරක් සපිරීමේ උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි. වසර 1989 දී ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරිපත් වූ මංගල සමරවීර මහතා එදා මෙදා තුර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් රටේත්,…

දැයේ දරුවන් මත් උවදුරින් ගලවා ගන්නා “සුජාත දරුවෝ” වැඩසටහන  මාර්තු 15 වනදා සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව ජනපති පවසයි.

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස “සුජාත දරුවෝ” වැඩසටහන මෙම මාර්තු 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක්වෙමිනි. නව…

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට හතළිස් වසරක් සපිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් 

දේශපාලනඥයෙකුට දීර්ඝකාලීනව දේශපාලනයේ රැඳී සිටීමට හැකි වන්නේ ඔහු ජනතා සේවයට කැපවූ චරිතයක් ලෙස ජනතාවගේ පිළිගැනීමට ලක්වීම නිසා බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති…

සංවර්ධිත රටක් සහ සුපිරිසිදු රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට  විගණන සේවය ශක්තිමත් කළයුතු බව ජනපති පවසයි.

වංචාව, දූෂණය සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැඟීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි. රාජ්‍ය ආයතන තුළ වංචා දූෂණ සහ අක්‍රමිකතා සිදු…

ප්‍රතිකාර සහ නිවාරණ අංශ ශක්තිමත් කිරීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකගුඩු රෝගීන්ගේ ව්‍යාප්තියේ අඩුවක් සිදුව ඇති බව ජනපති පවසයි.

මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන…

19 වන සංශෝධනය නම් සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව ඇති බව ජනපති පවසයි.

යහපත් සහ පිරිසිදු රාජ්‍ය පාලනයක් වෙනුවෙන් තමා විසින් බිහිකළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි. 2015 ජනවාරි 08 වනදා සිය මැතිවරණ ප්‍රකාශය තුළින් මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව ඉතාමත් පිරිසිදු හා පාරිශූද්ධ චේතනාවෙන් මෙන්ම බලාපොරොත්තු රැසක් සමඟ පාර්ලිමේන්තුවේ 225 න් 215 දෙනෙකුගේම කැමැත්ත අනුව ආණ්ඩුක්‍රම…

දරුවන් සුරැකීමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති පවසයි.

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා පවසයි. දරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව…

රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක් සඳහා රටට ආදරය කරන සියලුදෙනා එක්විය යුතු බව ජනපති පවසයි.

රටේ හෙට දවස වෙනුවෙන් අලුත් ආණ්ඩුවක් සහ අලුත් වැඩපිළිවෙළකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගැනීම ප‍්‍රගතිශීලි මෙන්ම රටට ආදරය කරන සෑම දේශපේ‍්‍රමියෙකුගේම අද දවසේ වගකීම වී ඇති බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (17) පෙරවරුවේ කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ…

NEW