Category: දේශන

රුසියාවට තේ අපනයනයේදී මතුව ඇති ගැටලුව විසඳාගැනීමට කඩිනමින් කටයුතු කරනවා

රාජ්‍ය සේවයේ සියලු විශ‍්‍රාමිකයින්ගේ ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරි සතිය තුළදී සකස් කරනවා – ජනපති හපුතලේදී කියයි  ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ…

දියතලාව ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප‍්‍රධානත්වයෙන්

දශක තුනකට ආසන්න ත‍්‍රස්තවාදය හමුවේ පැන නැගුණු සියලු අභිියෝග අභීතව ජයගත් ශී‍්‍ර ලංකා යුද හමුදාව ඒ තුළින් ලබා ඇති අත්දැකීම් හා පරිණතභාවය අසීමිත බවත්, ඒ ඔස්සේ ඉදිරි සියලු අභියෝග ජය ගැනීමේ ශක්තිය ඔවුන් සතු බවත් ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (17) පැවති දියතලාව ශී‍්‍ර ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ…

අසිරිමත් නත්තල සංහිඳියාව ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් බව ජනපති පවසයි.

සාමයේ සහ පේ‍්‍රමයේ පණිවුඩය ලොවට රැගෙන යන නත්තල ජාතින් අතර සංහිඳියාව සහ සහජීවනය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (16) පස්වරුවේ ති‍්‍රකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනි. එකම රටක වෙසෙන එකම ජනතාවක් ලෙස නත්තලේ අරුත ගැඹුරින් බෙදාහදා ගැනීමේ අරමුණින ‘පේ‍්‍රමයේ…

ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාව දැනුමෙන් පිරිපුන් ආරක්ෂක හමුදාවක් ලෙස ගොඩනැගීමට ලබාදිය යුතු සියලු පහසුකම් ලබාදෙන බව ජනපති පවසයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමේදී ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාව දැනුමෙන් මෙන්ම නව ශිල්පීය ඥානයෙන් යුත් ආරක්ෂක හමුදාවක් ලෙස ගොඩනැගීමට ලබාදිය යුතු සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 11 පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය අද (13) පෙරවරුවේ අමතමිනි. අද…

ජෙනරාල් ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 උපාධි ප‍්‍රදානෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

ජෙනරාල් ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 උපාධි ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. උපාධිලාභීන් 1063 දෙනෙක් අතරින් දර්ශනපති උපාධි ලාභියෙකු ඇතුළු පශ්චාත් උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් 93 දෙනෙකු පශ්චාත් උපාධි පීඨයෙන් උපාධි ලබාගත් අතර 969 දෙනෙකු මෙහිදී තම මූලික උපාධි හිමිකරගනු ලැබීය. උපාධි ප‍්‍රදානය සංකේතවත්…

සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්න – ජනපති සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

සියලු ආගමික දර්ශනයන්ගේ මගපෙන්වීම වන සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්නා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලයි. ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ අද (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සර්ව ආගමික සහජීවන සමුළුව අමතමිනි. රට බෙදීමට සටන් කළ ත‍්‍රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය වුව ද මතවාදී…

තේ කර්මාන්තය අපනයන ක්ෂේත‍්‍රය තුළ නැවත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි.

එදා අපගේ ප‍්‍රධාන අපනයන කර්මාන්තයක්ව පැවතී තේ නැවත අපනයන වෙළෙඳ පොළ තුළ පිළිගත හැකි තත්ත්වයකට ගෙන ඒම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගීතා වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි. විවිධ ජාවාරම්කරුවන්ගේ කි‍්‍රයාවන් හමුවේ තේ අපනයනය ඇතුළු මෙරට අපනයන ක්ෂේත‍්‍රයේ බිඳ වැටීමක් සිදුව තිබෙන අතර, ප‍්‍රති අපනයනයේ යෝගත්‍යාවය පිළිබඳව ද කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා…

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින්  පොළොන්නරුවේදී මුල් ගල් තැබේ

අන්තර්ජාතික සහයෝගීතාවයෙන් සහ මිත‍්‍රත්වයෙන් රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්  ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලී පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම අද (06) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය. වකුගඩු රෝගයෙන්…

වත්මන් රජය දිළිඳු ජනයාගේ හෘද ස්පන්දනය තේරුම්ගෙන වැඩකරන රජයක් බව ජනපති පවසයි.

වත්මන් රජය දිළිඳු ජනයාගේ හෘද ස්පන්දනය තේරුම්ගෙන වැඩකරන රජයක් බව ජනාධිපතිතුමා පවසයි. රජය සියලු ආර්ථික සැලසුම් සම්පාදනය කරන්නේ දුප්පත් ජනතාවට වැඩි ප‍්‍රතිලාභයක් හිමිවන අයුරින් බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට රජය කැපවී සිටින බව ද ප‍්‍රකාශ කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ…

නව කම්කරු නිලධාරින් 191කට පත්වීම්

වැඩකරන පන්තියේ විශාලතම අරමුදල වූ සේවක අර්ථ සාධක අරමුදල ශක්තිමත් කිරීමට නව පත්වීම්ලාභින් කැපවිය යුතු බව ජනපති පවසයි. කම්කරු දෙපාර්තමේන්තුවේ නව කම්කරු නිලධාරින් ලෙස බඳවාගත් 191 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. නව පත්වීම්ලාභීන් අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වැඩකරන පන්තියේ විශාලතම අරමුදල වූ…

NEW