Category: දේශන

සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බව ජනපති පවසයි 

පොදුජනතාවගේ ව්‍යාපාරයක් වූ සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම තීන්දු තීරණයක්ම ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී උපරිම කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (01) පස්වරුවේ කුරුණෑගල මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේ පැවති 95 වන ජාත්‍යන්තර…

ජනපි‍්‍රය පාසල් සඳහා පවතින තරගයට ඇති පැහැදිලිම විසඳුම  ගමේ පාසල සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම බව ජනපති පවසයි.

ජනපි‍්‍රය යැයි කියන පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා පවතින තරගයට තිබෙන පැහැදිලිම හා ස්ථීර විසඳුම වන්නේ ගමේ පාසල සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම බව ජනාධිපතිතුමා පවසයි. එම ප‍්‍රතිපත්තිය අනුව කටයුතු කරමින් සිටින වත්මන් රජය ග‍්‍රාමීය පාසල්වල සංවර්ධනය සඳහා මේ වන විට පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බවද ජනාධිපතිතුමා කියා සිටියේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා…

ජලයට තනි අයිතිකරුවෙක් නොමැතිවීම ජල කළමනාකරණයේදී  බරපතළ ගැටලුවක් බව ජනපති පවසයි.

රටේ ජල සම්පතට වගකියන තනි ආයතනයක් නොමැතිවීම ජල කළමනාකරණයේදී බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි. භෞතික වශයෙන් අපේ භූමියට ලැබෙන ජල ප‍්‍රමාණය, අපේ රට මෙන් දස ගුණයක භූමියකට ප‍්‍රමාණවත් වුවද එය නිසි කළමනාකරණයකට ලක් නොවීම හේතුවෙන් ජල ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව…

අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත‍්‍රණවලට  තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොනගන බව ජනපති පවසයි.

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්විමට උත්සාහ දරන බව ජනාධිපතිතුමා පැවසීය. ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමග යවමින් සිටින බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත‍්‍රණ පිළිබඳව තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොනගන බව…

රජ රට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ද ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනපති පවසයි.

රජ රට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ද ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය. පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා අද (21) එක් වූ ජනාධිපතිතුමා අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවය අමතමින් මේ බව ප‍්‍රකාශ…

කැළි කසළ ගැටලුවට සහ ඩෙංගු උවදුරට විසඳුම් සෙවීමට දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් මහජනතාව සමග අත්වැල් බැඳගත යුතු බව ජනපති අවධාරණය කරයි.

කැළි කසළ ගැටලුවට සහ ඩෙංගු උවදුරට විසඳුම් සෙවීම සඳහා දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් මහජනතාව සමග අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (20) පස්වරුවේ මහරගම තරුණ සේවා ශ‍්‍රවණාගාරයේ පැවති කොළඹ දිස්ති‍්‍රක් විශේෂ පරිසර සමුළුව අමතමිනි. කැළි කසළ බැහැර කිරීමේදී පැවැත්වෙන මහජන විරෝධතාවලදී මැති ඇමතිවරුන් ද…

පාසල් දරුවන්ගේ නිලඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීරණයකට එළැඹ නොමැති බව ජනපති පවසයි.

පාසල් දරුවන්ගේ නිලඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිඳු තීරණයකට එළැඹ නොමැති බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර, අස්ගිරිය ශී‍්‍ර චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (16) පස්වරුවේ එක්වෙමිනි. පිරිවෙන් සහ විහාරස්ථාන මුල්කරගත් අධ්‍යාපනය පරිත්‍යාගයෙන්, කරුණාවෙන් මෙන්ම මානව දයාවෙන් එදා ශී‍්‍ර ලංකා සමාජය පොහොසත් කළ අතර ආගමික ස්ථාන…

සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතු බව ජනපති පවසයි.

සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ 38 වන සංවත්සරයට සමගාමීව එහි නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක් වෙමිනි. මෙරට රාජ්‍ය මාධ්‍ය, ඉතිහාසයේ ඉතාමත් අයහපත් සහ අශීලාචාර ලෙස භාවිත කළ අවස්ථාවක්…

දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹෙන බව ජනපති පවසයි.

සුළු වරදවල් සඳහා වැරදිකරුවන් වී නියම වූ දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීම පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වන බව ජනාධිපතිතුමා පවසයි. 2015 වසරේදී බන්ධනාගාරගතවූ රැඳවියන්ගෙන් 43.7% ක් ම බන්ධනාගාරගත වී ඇත්තේ නියම වූ දඩ මුදල ගෙවා ගත නොහැකි වීම නිසා බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා එය මහත් ඛේදවාචකයක් බවත්…

සත්‍යයට වඩා වේගයෙන් අසත්‍යය පැතිර යන බැවින් මාතෘභූමියට එරෙහි  බොරු ප‍්‍රචාරයන්ට රැවටෙන්න එපා.

ජනපති ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ට කියයි. බලයේ සිටි පිරිස නැවත බලයට ගෙන ඒමට අවශ්‍යව ඇතැමුන් මාතෘ භූමියට එරෙහිව විවිධ අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි. සත්‍යයට වඩා වේගයෙන් අසත්‍යය පැතිර යන බැවින් එම බොරු ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා ලොව පුරා සිටින සියලු ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන…

NEW