පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුව ඊයේ (28) පස්වරුවේ සිදු විය. නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි මහලේකම්වරිය ජනාධිපතිතුමා හමු වූවාය. ” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ජනපති හමු වෙයි

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සදහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අතර හමුව ඊයේ (28) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ දී සිදු විය. එම කාර්යාලය වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහලේකම්වරයා විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය. ”…

මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනපති එක්වෙයි

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 73 වන මහ සභාවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍යල බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වී අද (28) ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. මෙම ප්‍රකාශය සභාව වෙත ඉදිරිපත් කරන ලද්දේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලි චම්පික…

රණවිරු අභිමානය සුරැකීමට රජය සෑම විට ම කැපවන බව ජනපති පවසයි.

ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලුදෙනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවත්, එම සියලුදෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින අතර, ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප‍්‍රසාද ද නොඅඩුව ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් හමු…

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග  නව ගිවිසුමකට එළැඹේ

ශී‍්‍ර ලංකාවේ සමාජ සංවර්ධනයට ඍජුව බලපාන ක්ෂේත‍්‍රවල ශීඝ්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ අරමුදල සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇමරිකා සංචාරයට සමගාමීව ඊයේ(26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී සිදු විය. ඒ අනුව සමාජ ප‍්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළ ව මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන…

වන සතුන්ගෙන් සිදුවන ආහාර විනාශය වළක්වා ගැනීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ සහය

වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමා හමුවේ සහතික වෙයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඊයේ (26) පස්වරුවේ හමුවූ ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Shenggen Fan මහතා මේ පිළිබඳ සිය…

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාගෙන්  ශ‍්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක් 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගි වන සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා විසින් පිරිනමන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සැසිවාරයට සමගාමීව නිව්යොර්ක් පැලස්හි දී සංවිධානය කර තිබිණි.  එම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ද විශේෂ ඇරයුම් ලැබුණු අතර එහි දී ඇමරිකා ජනාධිපතිවරයා සහ එම මැතිනිය…

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක් 

පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළට උපරිම සහය දක්වන බවට මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා ජනපතිට සහතික වෙයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මැලේසියා අග‍්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී පැවැත්විණි. මෙහි දී මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති ගරු…

ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි  ජනපති ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි

සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමිනි. ශී‍්‍ර ලංකා…

එක්සත්  ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (25) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය. ලෝකයම බලා සිටින ජගත් සමුළුව මෙවර “එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම” තේමාව යටතේ පැවැත්වෙයි. මෙම ප‍්‍රධාන සැසියට…

NEW