ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක්  සැපයීමට ඇමරිකාව සූදානමින් 

එක්සත් ජනපද රජයට අයත් සහස්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඊයේ (24) පස්වරුවේ…

නෙල්සන් මැන්ඩෙලා ගිය මගෙහි යාමට ජනපති ලෝක නායකයින්ට ආරාධනා කරයි.

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව අද (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමිනි. නෙල්සන් මැන්ඩෙලා…

ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (23) රාති‍්‍රයේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේ දී අමාත්‍ය තිලක් මාරපන, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (22) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියේ ය. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙයයි.‍ “එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ” සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය…

ඇමෙරිකානු සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට 

එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (25) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවූ තුන්වන අවස්ථාව මෙය වන අතර, රටක් ලෙස අප අනුගමනය කරන ප‍්‍රතිපත්ති ඉතා සෘජු ලෙස ලෝක නායකයින් හමුවේ ප‍්‍රකාශ කිරීමට…

මාතෘභූමියේ සමෘද්ධියත් සහජීවනයත් වෙනුවෙන් කළ කැපවීමෙහි සාර්ථක ප‍්‍රතිඵල ලැබී තිබෙන බව ජනපති විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට පවසයි

ශ‍්‍රී ලංකා මාතෘභුමියට සමෘද්ධියත් සහජීවනයත් උදාකිරීම උදෙසා පසුගිය වසර දෙකහමාර තුළ රජය සිදුකළ කැපවීමෙහි සාර්ථක ප‍්‍රතිඵල ලැබී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් සමග ඊයේ් (23) පස්වරුවේ පැවැති හමුවකට එක්වෙමිනි. දුගීභාවයෙන් රට නිදහස් කරගැනීම, පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් සම්බන්ධයෙන්…

සමෘද්ධිය සහ සහජීවනය පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගීසීටීමට  ශී‍්‍ර ලංකාවට සෑම සහයක්ම ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.

සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරන ප‍්‍රයත්නයේදී ශී‍්‍ර ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි. ශී‍්‍ර ලංකාව සහ එහි ජනතාව සමග වඩා සමීපව කටයුතු කරමින් සියලු ශී‍්‍ර ලාංකිකයින්ට සමෘද්ධිය සහ සහජීවනය පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගීසිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහය ලබාදෙන බව ද මහලේකම්වරයා ප‍්‍රකාශ…

ශී‍්‍ර ලංකාවේ සංහිඳියා කි‍්‍රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බව ජනපති මානව හිමිකම් මහකොමසාරිස්වරයා හමුවේ පවසයි

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප‍්‍රඥප්තීන්ට අනුකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ යහපත වෙනුවෙන් ඉතා වගකීමෙන් යුතුව, කටයුතු කරන බවත්, මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් වන කි‍්‍රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බවත් , ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු හමුවේ…

ජනපති සහ නේපාල අගමැති හමුවෙයි

සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම සුවිශේෂී වන අතර ඒ පිළිබඳ සියලු සාර්ක් කලාපීය රටවල ස්තූතිය එතුමා වෙත පිරිනැමෙන බව නේපාල අග‍්‍රාමාත්‍ය ෂෙර් බහදුර් දෙඋබා මහතා (Sher Bahadur Deuba) පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමරිකාවට ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නේපාල අග‍්‍රාමාත්‍යවරයා අතර…

ශී‍්‍ර ලංකාවේ නැවත ගොඩනැගීමේ කාර්යය ප‍්‍රශංසනීය බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයා පවසයි.

පශ්චාත් යුද සමය තුළ දේශපාලන, සාමාජීය සහ ආර්ථික වශයෙන් ශී‍්‍ර ලංකාවේ නැවත ගොඩනැගීම ඉතා ප‍්‍රශංසනීය බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එරට දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් තෝමස්…

NEW