ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනපති මුණගැසෙයි

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනපති මුණගැසෙයි

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශන්කර් අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුනි.

එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිතුමාට ඉන්දීය සංචාරයකට ආරාධනා කෙළේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ආචාර්ය එස්.ජයශන්කර් මහතා අද දින පිළිගැනීම සතුටට කරුණක් බවත්, එහිදී ජනපති ලෙස ප්‍රථම සංචාරය සඳහා ආරාධනා ලැබුණු බවත් එමඟින් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා කලාපීය ආරක්ෂාව, සාමය හා ආර්ථික දියුණුව යන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සඳහන් කෙළේය.

Share This Post

NEW