ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 දක්වා ඉහළට

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 ඉක්මවා තිබේ.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි තවලම සංවර්ධන පදනම වෙනුවෙන් රුපියල් 50,000ක් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවයේ නියුතු රියැදුරන් රුපියල් 111,800 ක් අරමුදලට භාරදුන්හ.

හත්වන පාබල හමුදා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ, විශ්‍රාමික ආබාධිත රණවිරු කේ.ආර්. රණසිංහ මහතා රුපියල් 4,000ක්, ETI ගණුදෙනුව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති කේ.ටී. චිත්‍රසිරි මහතා රුපියල් 81,315ක්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 378,260ක් සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නිසි බලධාරී සම්මානිත මහාචාර්ය ඩබ්.එම්.ඒ. බණ්ඩාර මහතා රුපියල් 100,000ක් පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,526,736,090.51 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

Share This Post