කැලණි දුරුතු මහ පූජෝත්සව අවසන් මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම ජනපති අතින් සිදු කෙරේ

කැලණි දුරුතු මහ පූජෝත්සව අවසන් මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම ජනපති අතින් සිදු කෙරේ

කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පූජෝත්සව අවසන් මහා පෙරහැර ඊයේ (22) රාති‍්‍රයේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

කැලණි රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති අවසන් මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරිණි.

අනතුරුව දුරුතු මහා පෙරහැර විදී සංචාරය ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, ප‍්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල, අමාත්‍ය ජෝන් අමරතුංග, අමාත්‍ය හර්ෂ ද සිල්වා, ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Share This Post

NEW