ජනපති සහ සීෂෙල්ස් උප ජනපති හමු වෙයි.

ජනපති සහ සීෂෙල්ස් උප ජනපති හමු වෙයි.

සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් උප ජනාධිපති Vincent Meriton  මහතා අතර හමුව අද (09) පස්වරුවේ සිදු විය.

සීෂෙල්ස් හි Praslin දූපතේ දී මෙම හමුව සිදු වූ අතර උප ජනාධිපතිවරයා විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරය ශ‍්‍රී ලංකා – සීෂෙල්ස් සබඳතාවලට තිස් වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවීම පිළිබඳ සිය සතුට පළ කළ උප ජනාධිපතිවරයා මෙම සංචාරයට සමගාමීව දෙරට අතර ඇතිකරගත් නව එකඟතාවයන් දෙරටටම ප‍්‍රතිලාභ සැලසෙන අයුරින් ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව ද සඳහන් කළේය.

හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Share This Post

NEW